Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලීසිය සී. එච්. පරදවයි

පොලීසිය සී. එච්. පරදවයි

යොහාන් භාසුර - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2019-2020) දෙවැනි වටයේ පළමු සතියේ අවසන් තරගය ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (26) පස්වරුවේ පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 32-17 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

පොලිස් පිල තරගය ආරම්භයේ සිටම නමගිය ක්‍රීඩකයන් රැසකින් සමන්විත සී. එච්. පිලට ප්‍රබල අභියෝගයක් යොමු කළ අතර එහි ප්‍රතිඵලයෙන් පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-10 කින් පෙරමුණ ගත්තේය.

සී. එච්. ක්‍රීඩකයකු සිය ගෝල සීමාව අසළදී 11 වැනි මිනිත්තුවේදී අතපසුවීමකින් පොලිස් ක්‍රීඩක සුරංග කසුන්ට පන්දුව ලබාදුන් අතර එතැන් සිට සුරංග කෙටි දුර ධාවන ශූරයකු ලෙස මීටර 90 ක පමණ දුරක් දිවගොස් ගෝල කණු අතර පන්දුව පතිත කළේය. ජනිත් චන්දිමාල් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

එම ගෝලයත් සමඟ පොලිස් පිල ඉදිරියෙන් තබමින් ලකුණු පුවරුව 7-0 ක් බවට පත්විය.
සී. එච්. පිලට 17 වැනි මිනිත්තුවේදී අවිෂ්ක ලී සහ 20 වැනි මිනිත්තුවේදී ෂෙහාන් ඩයස් උත්සාහක දිනුම් දෙකක් එකතු කිරීමෙන් සී. එච්. පිල ලකුණු 10-7 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

පොලිස් පිලට 24 වැනි මිනිත්තුවේදී මීටර 35 ක් පමණ දුර සිට ලැබුණු දඩුවම් පහර ජනිත් චන්දිමාල් විශිෂ්ට ලෙස සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 10-10 ක් ලෙස සමවිය.

සචින් සිල්වාට 29 වැනි මිනිත්තුවේදී මීටර 65 ක් පමණ දුරදී ලැබුණු පන්දුව රැගෙන සී. එච්. ක්‍රීඩකයන් අතරින් දිවගොස් ගෝල කණු අතර ලැබීය. ජනිත් චන්දිමාල් එහි ප්‍රවර්ථනය ද සාර්ථක කළේය. ඒත් සමගින් පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 17 ක් බවට පත්විය.

ෆීජි ක්‍රීඩක එරෝනි වියුකාර්ගෝ 37 වැනි මිනිත්තුවේදී පොලිස් පිලට එකතු කළ උත්සාහක දිනුමට චන්දිමාල් අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 24-10 ක් බවට පරිවර්ථනය විය.

සී. එච්. ක්‍රීඩකයෝ දෙවැනි අර්ධය ආරම්භයේදී වඩාත් අක්‍රමණශීලි වූහ. එහි ප්‍රතිඵලයෙන් 18 වැනි මිනිත්තුවේදී සත්‍යා රණතුංග සම්පූර්ණ කළ උත්සාහක දිනුමට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 24-17 ක් බවට පත්විය.

පොලිස් පිලට 66 වැනි මිනිත්තුවේදී ජනිත් චන්දිමාල් සාර්ථක කළ දඩුවම් පහරින් සහ 71 වැනි මූමර් ඩීන් සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු අටක් එකතු වීමෙන් අවසන් ලකුණු සංඛ්‍යාව 32-17 ක් බවට පත්විය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (0)

පොලීසිය සී. එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.