Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානු යොවුන් පිලට කඩුලු 3 ක ජයක්

පාකිස්තානු යොවුන් පිලට කඩුලු 3 ක ජයක්

editorial - 2019 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු වයස 19 න් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු තුනක ජයක් ලැබීමට සමත් වූහ. 
 
පාකිස්තානු පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම විය. 
 
පාකිස්තානු යොවුන් පිල ලකුණු 221 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 49.5 කදී කඩුලු හතක් පමණක් දැවී සම්පූර්ණ කළේය. 
 
නායක රොහයිල් නසීර් සහ ජුනයිඞ් ඛාන් හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 62 ක සම්බන්ධතාව පාකිස්තානු ජයග්‍රහණයට මූලික විය. 
 
ජුනයිඞ් ඛාන් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 63 කින් ලකුණු 30 ක් රැස්කිරීමට සමත් විය. රොහයිල් නසීර් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 98 කදී හතරේ පහර හතක් සමගින් ලකුණු 87 ක් රැස් කළේය. 
 
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 50 කදී කඩුලු අටක් දැවී ලකුණු 220 ක් රැස්කළේය.
 
රොහාන් සංජය (නොදැවී 45) සහ අෂීන් ඩැනියල් (නොදැවී 20) නවවැනි කඩුල්ලට පැවැත්වූ නොබිඳුණු සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 200 පසු කරයෑමට අවස්ථාව උදාවිය. 
 
රොහාන් සංජය පන්දු 59 කදී හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කිරීමට සමත් විය. 
 
ශ්‍රී ලංකා පිල ලකුණු 69 කට කඩුලු හයක් දැවී දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියදී අවිෂ්ක තරිඳු (54) සහ චමිඳු විජේසිංහ (28) හත්වැනි කඩුල්ලට ලකුණු 74 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තැනකට ගෙන ඒමට සමත් වූහ. 
 
අවිෂ්ක තරිඳු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 78 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිලේ නායක නිපුන් මාලිංග කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 
 
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල
නවෝද් පරණවිතාන - ප. අක්තාර් ෂා 0 (05)
කමිල් මිෂාර - දුවද්දී දැවී ගියා  9 (12)
මොහොමඞ් ශමාෂ් - ඇ. නසීර් ප. අක්තාර් ෂා 8 (15)
නිපුන් ධනංජය - ඇ. තාහා ප. ජුනයිඞ් ඛාන් 15 (27)
සොනාල් දිනූෂ - ඇ. ජුනයිඞ් ඛාන් ප. අයුබ්  8 (15)
අවිෂ්ක තරිඳු - ඇ. ඛයියාම් ඛාන් ප. තාහා 54 (78)
දිලුම් තිලකරත්න - ක. මූ. කළා ප. වසීම් 7 (12)
චමිඳු විජේසිංහ - ඇ. අක්තාර් ෂා ප. ජුනයිඞ් ඛාන් 28 (54)
රොහාන් සංජය - නොදැවී 45 (59)
අෂීන් ඩැනියල් - නොදැවී 20 (25)
අතිරේක 26
එකතුව ඕවර 50 යේදී කඩුලු 8 ක් දැවී 220
පන්දුවට පහර නොදුන් පිතිකරු:
ඩිල්ෂාන් මධුශංඛ 
කඩුලු වැටීම:
1-0(පරණවිතාන), 2-18(ශමාෂ්), 3-32(මිෂාර), 4-45(දිනූෂ), 5-52(නිපුන්), 6-69(තිලකරත්න), 7-143(විජේසිංහ), 8-153(තරිඳු)
පන්දු යැවීම:
අක්තාර් ෂා: 7-1-32-2, අබ්බාස් අෆ්රිඩි: 6-0-39-0, මොහොමඞ් වසීම්: 10-0-25-1, සායිම් අයුබ්: 2-0-15-1, ජුනයිඞ් ඛාන්: 10-0-39-2, සුලෙයිමන් ශෆ්ටාට්: 5-0-26-0, මොහොමඞ් තාහා: 10-0-36-1
 
පාකිස්තානු වයස 19 න් පහළ පිල 
සයිම් අයුබ් -  ප. මධුශංඛ 7 (17)
හයිදීර් අලී - ක. මූ. කළා ප. පරණවිතාන 56 (60)
රොහයිල් නසීර් - ඇ. මිෂාර ප. මධුශංඛ 87 (98)
මොහොමඞ් තාහා - ඇ. දිනූෂ ප. පරණවිතාන 7 (19)
හාරිස් ඛාන් - ස්ටම්ප් මිෂාර ප. සංජය 3 (04)
ඛයියාම් ඛාන් - ඇ. සහ ප. තිලකරත්න 5 (12)
ජුනයිඞ් ඛාන් - ඇ. විජේසිංහ ප. තිලකරත්න 30 (63)
අබ්බාස් අෆ්රිඩි - නොදැවී 16 (22)
මොහොමඞ් වසීම් - නොදැවී 3 (04)
අතිරේක 7
එකතුව ඕවර 49.5 කදී කඩුලු 7 ක් දැවී 221
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
සුලෙයිමන් ශෆ්ටාට්, අක්තාර් ෂා
කඩුලු වැටීම:
1-33(අයුබ්), 2-93(අලී), 3-105(තාහා), 4-108(හාරිස් ඛාන්), 5-131(ඛයියාම් ඛාන්), 6-193(නසීර්), 7-212(ජුනයිඞ් ඛාන්)
පන්දු යැවීම:
ඩිල්ෂාන් මධුශංඛ: 8-0-27-2, චමිඳු විජේසිංහ: 2-0-18-0, අෂීන් ඩැනියල්: 10-0-40-0, දිලුම් තිලකරත්න: 10-0-35-2, රොහාන් සංජය: 10-0-47-1, නවෝද් පරණවිතාන: 9.5-0-51-2
 
- 048

අදහස් (0)

පාකිස්තානු යොවුන් පිලට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.