Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2020 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම අතර පැවැති දකුණු අප්‍රිකාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන යොවුන් කණ්ඩායම ඕවර 45.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ඉර්ෆාන් ඛාන් නොදැවී ලකුණු 11 ක්ද, අබ්බාස් අෆ්රිඩි නොදැවී ලකුණු 10 ක්ද රැස්කරමින් පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ආරම්භක පිතිකරු මොහොමඩ් හාරිස් පන්දු 71 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 67 ක් රැස්කරමින් පාකිස්තානය යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ෆාහත් මුනීර් පන්දු 86 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ නිෂාන් මධුෂංක ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 215 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ සොනාල් දිනූෂ පන්දු 87 කින් ලකුණු 68 ක් රැස්කලේ හතරේ පහර 7 ක් සමගිනි.

නායක නිපුන් ධනංජය (55) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 174 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනූෂ සමත් වූ අතර පන්දු 88 කට මුහුණදුන් ධනංජය හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය අර්ධ ශතකය සැරසුවේය.

ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 22 ක් තුළ දවාගැනීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී තාහිර් හුසේන් ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 215
(නවෝද් පරණවිතාන 12, කමිල් මිෂාර 15, අහන් වික්‍රමසිංහ 19, එස්. අභිෂේක් 13, නිපුන් ධනංජය 55, සොනාල් දිනූෂ 68, තාහිර් හුසේන් 41/4, අබ්බාස් අෆ්රිඩි 26/2, අමීර් අලී 30/2, අමීර් ඛාන් 38/2)

පාකිස්තාන යොවුන් පිල - ඕවර 45.2 කදී කඩුලු 6 ක් දැවී 218  
(හියඩර් අලී 33, මොහොමඞ් හාරිස් 67, ෆාහද් මුනීර් 51, කසීම් අක්‍රම් 29, නිෂාන් මධුෂංක 21/3)


-036

 


අදහස් (0)

පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.