Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රමුඛ - ජේඞ්න් ඉවත්වීමේ වාසිය ශොයෙල්ට

ප්‍රමුඛ - ජේඞ්න් ඉවත්වීමේ වාසිය ශොයෙල්ට

ශානුක අරවින්ද - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කළ 12 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශොයෙල් ඩැනියෙල් සම්මාන දිනාගත්තේය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (24 වැනිදා) කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණ.

තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ එම්. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 250 සිට 1000 දක්වා) යතුරුපැදි ඉසව්ව වට 22 කින් සමන්විත ගෝන් ප්‍රී යතුරුපැදි තරගයක් ලෙස පැවැත්විණ. මුල් වට 20 පුරා තෙවැනි සහ සිවුවැනි ස්ථානවල ගමන් කළ ශොයෙල්, පළමු සහ දෙවැනි ස්ථානවල ගමන් කළ ජේඞ්න් ගුණවර්ධන සහ ප්‍රමුඛ සේසත් තරගයෙන් ඉවත් වීමත් සමග පළමු වැනියා ලෙස තරගය නිමා කළේය.

තරගකරුවන් 8 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගයේ ආරම්භයේදීම පෙරමුණ ලබාගත් ලාබාල ක්‍රීඩක ජේඞ්න් ගුණවර්ධන, වට 15 ක් පමණ නිමාවන තුරු පෙරමුණ රැක ගැනිමට සමත් විය. ප්‍රමුඛ සේසත් සහ ජේඞ්න්ගේ සොහොයුරු ඒරන් ගුණවර්ධන එහිදී ඔහු පසුපස හඹාගිය අතර යතුරුපැදියේ කොටසක් ගැළවී යෑම නිසා කෙමෙන් කෙමෙන් ඒරන්ගේ වේගය අඩාල විය.

ඉන් අනතුරුව ජේඞ්න් සහ ප්‍රමුඛ අතර තරගයේ පෙරමුණ සඳහා ද්වන්ද සටනක් හටගත් අතර වරින් වර පෙරමුණ හුවමාරු කරගත් ඔවුන් දෙදෙනා නරඹන්නන් කුල්මත් කරමින් දක්ෂ ලෙස තරගයේ නියැලුණහ. කෙසේ වුවත් ඉතා අවාසනාවන්ත ලෙස 21 වැනි වටය තුළදී සිය යතුරුපැදි කාර්මික දෝශයන්ට ලක්වීම නිසා ඔවුන් දෙදෙනාටම බලාපොරොත්තු වූ පරිදි තරගය නිමා කිරීමට නොහැකි වූහ. එබැවින් ඔවුන්ට පසුපසින් ශොයෙල් මෝටර් ජී.පී. තරගය ජයගනිද්දී රීසා ඔඩෙයාර් දෙවැනියා ලෙසත්, ශොයෙල්ගේ වැඩිමහල් සොහොයුරු නෙඞ් ඩැනියෙල් තෙවැනියා ලෙසත් තරගය නිමා කළහ.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කළ අතර සියැට් සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව සහ සොෆ්ලොජික් ආයතනය සම අනුග්‍රාහකයන් ලෙස තරගාලියට එක් වූහ.

තරග ප්‍රතිඵල
එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 ස්ටෙෆාන් ප්‍රනාන්දු (ඇප්‍රිලියා ආර්.එස්. 125)
2 ධනුෂ්ක ද සිල්වා (යමහා ටී.ඉසෙඞ්.ආර්. 125)
3 ඉසුරු මධුෂාන් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සි.ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 නිකිල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 150)
2 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී.බී.ආර්. 150)
3 විනුල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 150)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තරගය
1 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 සංජය උමේෂ් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 සුරේන් කුරේ (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 125 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 නිපුන දිලංක (හොණ්ඩා සී.බී.ආර්. 250)
2 එන්.එස්.එම්. ශෂාන් (හොණ්ඩා සී.බී.ආර්. 250)
3 දෙනෙත් රණසිංහ (හොණ්ඩා සී.බී.ආර්. 250)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
2 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 450)
3 දේෂාන් සොලංකි (හෂ්කුවර්ණා 450)

ජී.පී. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 250 සිට 1000 දක්වා) මෝටර් ජී. පී. යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (ඇප්‍රිලියා ආර්.එස්.වී.ෂඪ 1000)
2 රීසා ඔඩෙයාර් (බී.එම්.ඩබ්ලිව්.එස්. 1000 ආර්.ආර්.)
3 නෙඩ් ඩැනියෙල් (හොණ්ඩා සී.බී.ආර්. 1000)

 

 


අදහස් (0)

ප්‍රමුඛ - ජේඞ්න් ඉවත්වීමේ වාසිය ශොයෙල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.