Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය තුන්වැනි ජයත් ලබාගනී

ප්‍රංශය තුන්වැනි ජයත් ලබාගනී

editorial - 2019 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුමාමොටෝහිදී අද (06) පැවැති තරගයේදී ප්‍රංශය ලකුණු 23-21 කින් ටොන්ගා රාජ්‍ය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් විය. මෙය ප්‍රංශය පිට පිටම ලැබූ තෙවැනි ජය වේ.

ප්‍රංශය මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත්විය. ප්‍රංශය මේ වන විට ප්‍රසාද ලකුණු 13 ක් ලබා සිටියි. එංගලන්තය මීට පෙර ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන සිටියේය. එංගලන්ත ප්‍රසාද ලකුණු 15 ක් ලබා පළමු ස්ථානයේ පසුවෙයි.

ප්‍රංශය තරගය ආරම්භයේ සිට ටොන්ගා පිලට දැඩි අභියෝගයක් යොමු කිරීමේ ප්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-7 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. දෙවැනි අර්ධයේදී ප්‍රංශය දඩුවම් පහර දෙකක් පමණක් සාර්ථක කරද්දී ටොන්ගා රාජ්‍ය එම කාලය තුළ තවත් ගෝල දෙකක් සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 23-21 ක් බවට පත්කළේය.

ප්‍රංශය තරගයේ 75 වැනි මිනිත්තුව දක්වා ලකුණු 23-14 ක් ලෙස පෙරමුණ සිටිය ද, 76 වැනි මිනිත්තුවේදී සානේ කාපෙලේ සම්පූර්ණ කළ උත්සාහක දිනුම ලටියුමි ෆොසිටා ගෝලයක් බවට ප්‍රවර්ථන කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 23-21 ක් බවට පත්විය.

ප්‍රංශ පිලට අනතුරුව තව ලකුණු දෙකක පරතය රැකගැනීමේ සටහන නිරත වීමට සිදුවූ අතර එහිදී ප්‍රංශ ක්‍රීඩකයෝ පන්දුව තමන් වෙත රදවා ගැනීමේ උපායක නිරතව සිටියහ. එම කාලය තුළ ටොන්ගා ක්‍රීඩකයන් වඩාත් තරගකාරී වූ ආකාරය පිළිබඳව තරග විචාරකයෝ දැඩි ප්‍රසාදය පළ කළහ. එහිදී ප්‍රංශ පිලට ලකුණු දෙක රැකගැනීමට දැඩි වෙසක් දැරීමට සිදුවූ බව විචාරකයෝ පැවසූහ.

ප්‍රංශය ලැබූ මෙම තියුණු ජයත් සමඟ ප්‍රබල කණ්ඩායමක් වන ආජන්ටිනාට ද පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය. මෙම පරාජයත් සමඟ ටොන්ගා රාජ්‍යය ද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
එංගලන්තය සහ ප්‍රංශය අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන තරගයෙන් ‘සී’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන තීරණය වේ.  


- 048


අදහස් (0)

ප්‍රංශය තුන්වැනි ජයත් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.