Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යැව්වේ මාස 8 කින්

පන්දු යැව්වේ මාස 8 කින්

editorial - 2019 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේ සිට..) 

මාස අටකට පසුව යැවූ පළමු පන්දුවේදී අවශ්‍ය කඩුල්ල දවාගැනීමට ලැබීම ගැන සතුටු වන බව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. 

ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී පෙරේදා (01) පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 23 ක ජයක් ලැබූ අතර එහිදී පන්දු යවන්නකුගේ අඩුව හිටි හැටියේම සම්පූර්ණ කරමින් මැතිව්ස් ඕවර දෙකක් ක්‍රියාත්මක කළේය. 
එහිදී මැතිව්ස් යැවූ පළමු පන්දුවටම ලකුණු 118 ක් රැස්කරමින් තර්ජනයක් බවට පත්ව සිටි නිකොලස් පූරන් දැවී ගියේය. 

මැතිව්ස් එම පන්දු යැවීම සහ එම අවස්ථාව පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. 

“මාස අටකින් පසුව යැවූ පළමු පන්දුවේදීම පූරන් දවාගන්න හැකි වුණා. මම පුහුණුවීම්වලත් මාස අටකින් පමණ පන්දු යවලා තිබුණේ නෑ. තරගයේ අවස්ථාව අනුව මට ඕවර දෙකක් යවන්න වුණා. මම නායකයාට කිව්වා මම ඕවර දෙක දාන්නන් කියලා”

“මමයි දිමුතුයි දිගටම කථා වෙවි හිටියා ඕවර දෙකක් හදන්න තියනවා කියලා. ඕවර 40 න් පසුව අපිට අවස්ථාවක් ලැබුණේ නෑ දඟ පන්දු යවන්නා ගේන්න. මොකද නිකොලස් පූරන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම දාලා දෙන්නන් කියලා ඒ ඕවර දෙක”
“මම මාස අටකින් විතර පන්දු යවලා නෑ. පුහුණුවීම්වලත් පන්දු යවලා තිබුණේ නෑ. ඒත් මම කිව්වා ප්‍රශ්නයක් නෑ මම දාලා දෙන්නන් කියලා”

“අපි පු`ඵවන් තරම් ලසිත් මාලිංගගෙන් සහ ඉසුරු උදානගෙන් එයාව දවාගන්න බලමු කියලත් මම කිව්වා. බැරි වුණොත් 48 සහ 50 යන ඕවර මම දාලා දෙන්නන් කියලා මම කිව්වා. ඔහුටත් එය සහයෝගයක් වුණා. නමුත් මම ටිකක් චකිතයකින් පන්දු යැව්වේ”

“මම ක්‍රිකට්වල සියලුම මාදිලියේ තරගවල පන්දු යවලා තියෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවලත් පන්දු යවලා තියෙනවා. මම දැනගෙන හිටියා මේ අවස්ථාවේදී මට ඕවර දෙකක් යවලා දෙයක් කරන්න පු`ඵවන් කියලා”
“මගේ අත්දැකීම් එතනදි වැදගත් වුණා. මට දාන්න ඕන තැනට පන්දුව දාගන්න පු`ඵවන් වුණා. පන්දුව කොතනට ද දාන්න ඕන කියලා අදහස මගේ තිබුණා”

“පූරන් ඉතිරි ඕවර තුනත් පන්දුවට පහර දුන්නන් තරගයේ කථාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා”

“අබාධයෙන් පසුව අවාසනාවකට මට පන්දු යැවීම ආරම්භ කරන්න බැරි වුණා. පන්දු යැවීමට ශරීරිය සුදුසු තත්ත්වයක නොතිබුණු නිසා ලෝක කුසලානයට පෙර හෝ මට පන්දු යැවීම ආරම්භ කරන්න බැරි වුණා. මම ඉතාමත් ඉක්මනට පන්දු යැවීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”

දකුණතින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මැතිව්ස් ආබාධ හේතුවෙන් වසරක ආසන්න කාලය සිට පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය. 

යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු එම තරගයේදී රැස්කළ ලකුණු 104 පිළිබඳව මැතිව්ස් මෙසේ පැවසීය. 
“අවිෂ්ක අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. කොදෙව් වේග පන්දු යවන්නන්ට එරෙහිව ඉතාමත් හොඳින් මුහුණ දුන්නා. ඔහු පසුගිය තරග දෙකේදී ලකුණු 30 ක් 40 ක් රැස්කරලා තිබුණා. ඉන් පසුව මේ අලංකාර ඉනිම ක්‍රීඩා කළා. ඔහු ඉතාමත් හොඳින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයක් වගේ ක්‍රීඩා කළා.  

“මේ තණතීරුව ඉතාමත් හොඳ එකක්. විශේෂයෙන් අපිට ගහන්න අවශ්‍ය පහර ගන්න පු`ඵවන් වුණා. පෙර තරගයේදී මන්දගාමී බවක් තිබුණා. නමුත් මේ තරගයේදී පන්දුව පිත්තට ආවා. ඒ වගේම ලකුණු 338 ක් රැස්කරන්න අපිට ලැබුණු ආරම්භයත් බලපෑවා”

ලෝක කුසලාන තරගාවලියේදී අසාර්ථක වීම පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය. 

“අවසන් පූර්ව වටයට එන්න බැරි වීම ගැන ගොඩක් කණගාටු වෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී හොඳ ආරම්භයක් ලැබුණා නමුත් මැද පෙළ අසාර්ථක වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයේදීත් එහෙමම වුණා. මෙම තරග දෙක හෝ ජය ලබා තරගාවලිය අවසන් කිරීම තමයි අපේ ඉලක්කයි” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය. 


අදහස් (0)

පන්දු යැව්වේ මාස 8 කින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.