Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවික හමුදාවෙන් මහනුවරදී හොඳ සටනක්

නාවික හමුදාවෙන් මහනුවරදී හොඳ සටනක්

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ඩයලොග් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේදී මහනුවර පිල විසින් ලකුණු 16-14 කින් නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි.

මහනුවර නිත්තවෙල පිටියේදී පැවති මෙම තරගයේදී මහනුවර පිල උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළ අතර නාවික හමුදාව ගෝල දිනුම් දෙකක් ලබාගත්තේය. මෙම තරගයේ පළමු අර්ධයේ මහනුවර පිල තම අණසක පතුරවමින් ක්‍රීඩා කළත් දෙවැනි අර්ධයේදී නාවික හමුදා පිල ඉදිරියට පැමිණියේය.

තරඟය නිමාවීමට ස්වල්ප වේලාවක් තිබියදී මීටර 25 සීමාවේ නාවික හමුදා පිලට ප්‍රදානය කෙරුණ ඉතා පහසු දඬුවම් පහරක් මඟ හැරී ගිය අතර එය සාර්ථක වූයේ නම් ලකුණු 17 - 16 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා පිලට අවස්ථාව තිබුණි.

තරගය ආරම්භ වි 10 වැනි විනාඩියේදී නාවික හමුදා ක්‍රීඩකයන් තහනම් කලාපය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලද දඬුවම් පාරක් සාර්ථක කරගැනීමට මහනුවර පිලේ තිළිණ විජේසිංහ සමත් විය. තරගයේ 15 වැනි විනාඩියේදී නාවික හමුදා පිල වෙත ලද පිට පන්දුවක් ඩැහැගත් මහනුවර පිලේ කවිඳු පෙරේරා තනිව දිව ගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේය. එහි ප්‍රවර්ථනය අසාර්ථක විය.

30 වැනි විනාඩියේදී මහනුවර පිල්ලේ ඔෂාන් පෙරේරා විසින් පැති කොඩි ආසන්නයේ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද තිළිණ විජේසිංහගේ පාදයෙන් ගිලිහී ගියේය. පළමු අර්ධය නිමා වන විට ලකුණු 16 - 00 ක්වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟම  තරඟකාරී රටාවකට අවතීර්ණ වූ නාවික හමුදා ක්‍රීඩකයෝ පිටිය පුරා තම අණසක පතුරවමින් තරග කළහ. 30 වැනි විනාඩියේදී නාවික හමුදාවේ අදීශ වීරතුංග උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතරඑහි ප්‍රවර්ථනය තිලිණ වීරසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදී. ඉන් විනාඩි පහකට පසු අදීශ වීරතුංග නැවතත් නාවික හමුදා පිලට උත්සාහක දිනුමක් එක් කළ අතර එහි ප්‍රවර්තනයද තිළිණ වීරසිංහ සාර්ථක කරගත්තේය.

කෙසේ වෙතත් අවසන් නළා හඬ නිකුත් වන විට මහනුවර පිල ලකුණු 16 - 14 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

 


අදහස් (0)

නාවික හමුදාවෙන් මහනුවරදී හොඳ සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.