Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට 71-9 ක දැවැන්ත ජයක්

නවසීලන්තයට 71-9 ක දැවැන්ත ජයක්

editorial - 2019 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි පිටියේ රජුන් ලෙස සැළකෙන නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට අද (06) සමත් විය.

නවසීලන්ත ක්‍රීඩකයෝ ටෝකියෝහිදී අද (06) පැවැති තරගයේදී ලකුණු 71-9 කින් නැමීබියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් සපුරාගැනීමට සමත් වූහ. නවසීලන්තය ලැබූ මෙවර ජයග්‍රහණය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය ද වේ. මෙහිදී උත්සාහක දිනුම් 11 ක් වාර්තා වීම කැපී පෙනුණි.  

නවසීලන්තය මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ලබා අපරාජිතව ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.

දකුණු අප්‍රිකාව සහ ඉතාලිය තරග දෙක බැගින් ජය ලබා ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකරගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි. නවසීලන්තය පළමු වටයේ අවසන් තරගයේදී ඉතාලියට එරෙහිව ලබන සෙනෙසුරාදා තරග කිරීමට නියමිතය. නවසීලන්තයට අවසන් පූර්ව වටයේ රැදී සිටීමට එම තරගය විසඳුමකින් තොරව අවසන් කිරීම ද  ප්‍රමාණවත් වී තිබේ.

නවසීලන්තය එම තරගය පරාජය වුවද ඉතාලියට අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමේ අවස්ථාව අහිමිකිරීම ද ප්‍රමාණවත් වී තිබේ.  දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර තරගය හෙට (08) පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට ඒමට නම් අතිරේක ප්‍රසාද ලකුණ ද සමඟ එම තරගය ජය ලැබීය යුතුය.

රග්බි ලෝක කුසලාන ශූරතා ත්‍රිත්ව බලාපොරොත්තුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වූ නවසීලන්ත කණ්ඩායම පළමු වටයේ දෙවැනි තරගයේදී ලකුණු 63-0 කින් කැනඩාව පරාජය කළේය. එම ජයග්‍රහණය මීට පෙර විශාලතම ජයග්‍රහණය බවට පත්ව තිබුණි.

නවසීලන්ත මෙම තරගයේදී ගෝල අටකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස්කළ අතර නවසීලන්තය පළමු අර්ධයේදීම උත්සාහක දිනුම් හතරක් සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.

නවසීලන්තය පළමු අර්ධය අවසන් වන ලකුණු 24-9 ක් ලෙස පෙරමුණේ පසුවිය.

- 048


අදහස් (0)

නවසීලන්තයට 71-9 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.