Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය තෙවැනි තැන ලබයි

නවසීලන්තය තෙවැනි තැන ලබයි

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම තෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් ජපානයට පැමිණි නවසීලන්තයට නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය සෑහීමට පත්වීමට අද (01) සිදුවිය.

තෙවැනි ස්ථානය සඳහා චෝෆුහිදී අද පැවැති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 40-17 කින් වේල්සය පරාජය කිරීමට සමත් වූහ.  

නවසීලන්ත පිල ගෝල 5කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළ අතර වේල්සයට ගෝල 2කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-10 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
නවසීලන්ත ප්‍රොප් ක්‍රීඩක ජෝයි මූඩි 5 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. රිචී මැකාව් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-0 ක් බවට පත්විය.

බියුඩීන් බැරට් 13 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට රිචී මැකාව් අතිරේක ලකුණු එකතු කිරීමෙන් නවසීලන්තය ලකුණු 14-0 ක් ලෙස තව දුරටත් පෙරමුණට පැමිණියේය.

වේල්ස් පිල ඉදිරියෙන් මිනිත්තු 19 ක් පැවැති බිංදුව මකා දමමින් හල්ලාම් ඇමෝස් පළමු උත්සාහක දිනුම එකතු කළේය. රයිස් පැට්චිල් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 14-7 ක් බවට පත්විය.

වේස්ල් පිලට 27 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර රයිස් පැට්චිල් සාර්ථක කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 14-10 ක් බවට පත්ව ලකුණු පරතරය 4 ක් වීමෙන් තරගය තරමක් උණුසුම් විය.

නවසීලන්තයට 34 වැනි සහ 40 වැනි මිනිත්තුවදී බී. ස්මිත් සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකට රිචී මොවුන්ගා අතිරේක ලකුණු මුසුකිරීමෙන් ලකුණු පුවරුව 28-10 ක් බවට පරිවර්ථනය විය.

නවසීලන්ත පිල දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදීම ග්‍රහණය තර කරමින් තවත් ගෝලයක් සම්පූර්ණ කළ අතර ඒ අනුව ලකුණු පරතරය 25 ක් දක්වා ඉහළ ගියේය.

වේල්සයට ජෝස් ඇඩම්ස් 59 වැනි මිනිත්තුවේදී දෙවැනි උත්සාහක දිනුම් එකතු කළේය. ඩැන් බිගර් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 35-17 ක් බවට පත්විය.

රිචී මොවුන්ගා 75 වැනි මිනිත්තුවේදී නවසීලන්තයට එකතු කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු පුවරුව 40-17 ක් වූ අතර අවසන් මිනිත්තු පහේදී නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දුව වැඩි කාලයක් තමන් සතුව තබාගැනීමට කටයුතු කළහ.

- 048


අදහස් (0)

නවසීලන්තය තෙවැනි තැන ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.