Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය කැනඩාව තලා දමයි

නවසීලන්තය කැනඩාව තලා දමයි

editorial - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝක කුසලාන ශූරතා ත්‍රිත්ව බලාපොරොත්තුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වූ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පළමු වටයේ දෙවැනි තරගයේදී ලකුණු 63-0 කින් කැනඩාව පරාජය කළේය. ජපානයේ ඔයිටා නුවරදී අද පැවැති මෙම තරගයෙන් නවසීලන්තය ලැබූ ජයග්‍රහණය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ලැබූ විශාලතම ජයග්‍රහණය වේ.

නවසීලන්තය ගෝල නවයකින් ලකුණු 63 රැස්කළ අතර එහිදී නවසීලන්ත පිලේ බර්රීට් සොහොයුරන් තිදෙනාම උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. ජෙරාඞ්, ස්කොට් සහ බෙයුර්ඩීන් යන සොයුරාන් තිදෙනා උත්සාහක දිනුම් වාර්තා කළහ.

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ එකම පවුලේ සොහොයුරන් තිදෙනකු එකම තරගයේදී උත්සාහක දිනුම් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වේ.

නවසීලන්ත පිලේ මෙම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් ගෝල ප්‍රවර්ථන අටක් සම්පූර්ණ කළ රීචි මොවුන්ගා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.    

මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 20 වැනි තරගය වේ.  නවසීලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 9 ක් ලබා ‘බී’ කාණ්ඩය දෙවැනි ස්ථානයට පත්විය.

නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ගෝල හතරකින් ලකුණු 28 කින් රැස්කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද එකතු කරගැනීමට සමත්ව සිටියහ.

නවසීලන්ත ක්‍රීඩකයෝ දෙවැනි අර්ධය ආරම්භයේ සිට උත්සාහක දිනුම් පෙරහරක් ප්‍රදර්ශනය කරමින් දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 21 ක තුළදී ගෝල පහක් සම්පූර්ණ කරමින් තවත් ලකුණු 35 ක් රැස්කිරීමට සමත් විය. නවසීලන්තය තරගයේ 61 වැනි මිනිත්තුව වන විට ලකුණු 63-0 ක් ලෙස කැනඩා පිල ග්‍රහණයට නතුකරගනෙ සිටියේය.

දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 19 තුළ නවසීලන්ත පිලට ද ලකුණු රැස්කිරීමට නොහැකි විය. නවසීලන්ත ඉදිරි පෙළ දැවැන්ත ක්‍රීඩකයන් හමුවේ කැනඩා පිල පසු බැස්සේය.

- 048


අදහස් (0)

නවසීලන්තය කැනඩාව තලා දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.