Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල් දමයි

නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල් දමයි

ශානුක අරවින්ද - 2020 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොරෝනා වයිරසය පැතිරයෑම හේතුවෙන් 28 වැනි නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයන් වන දියතලාව, යුද හමුදා විද්‍යා පීඨය තීරණය කර ති‍බේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ සහ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ මෙහෙයවිම ය‍ටතේ මේ මස 18 සහ 19 යන දිනවලදී දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය තිබිණ.
 
කොරෝනා වසංගත තත්වය සමථයකට පත් වීමෙන් පසුව තරගාවලිය සඳහා වෙනත් දිනයක් යොදා ගනිමින් මෙම වසරේ (2020) පළමු සුපර් ක්‍රොස් තරගාවලිය ලෙස නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට පියවර ගන්නා බව එහි සංවිධායකයෝ පවසති.
 
ඉකුත් වසරේදී (2019) පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය පාස්කු ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවූ අතර තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් නිමාවට පත්වී තිබු‍ණේ ඉසව් 17 ක් පමණි.
 
ඒ වන විට දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනෙන තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙන තරග දෙකෙන් එකක් පවත්වා නොතිබීම හේතුවෙන් එවර දක්ෂතම ක්‍රීඩකයන් සඳහා ශූරතාව ප්‍රදානය නොකෙරිණ.
 
මේ දක්වා පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලි වලදී වැඩිම වාර ගණනක් දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාස වන අතර ඔහු අවස්ථා 10 කදී එම ශූරතාවට හිමිකම් කියා ඇත. 2004 වසරේ සිට 2010 වසර දක්වා නොකඩවා 7 වරක් එම ශූරතාව තමන් සන්තකයේ තබා ගැනීමටද අරවින්ද සමත් වී තිබේ.
 
නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ශූරතාව වැඩිම වාර ගණනක් දිනාගෙන ඇත්තේ ගයාන් සඳරුවන්ය. ඔහු 6 වරක් (2004, 2006, 2007, 2008, 2009, 2010 සහ 2012) එම ශූරතාවට හිමිකම් කියා තිබේ.

අදහස් (0)

නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.