Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියානු පාපන්දු ශූරතාව සොයා

දකුණු ආසියානු පාපන්දු ශූරතාව සොයා

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු ආසියානු කලාපීය පාපන්දු ශූරයන් තෝරන අවසන් තරගය ඉන්දියාව සහ මාලදිවයින අතර හෙට (15දා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6. 30 ට ආරම්භ වේ. මෙම තරගය බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගා බන්දු ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) කුසලාන තරගාවලි ඉතිහාසයේදී ඉන්දියාව සහ මාලදිවයින අවසන් තරගයේදී හමුවන 4 වැනි අවස්ථාව මෙය වෙයි.

ජයග්‍රාහී කණ්ඩායමට ඇමරිකානු ඩොලර් පනස් දහසක් (50000) පිරිනැමෙන මෙම අවසන් තරගය සාෆ් කලාපීය රටවල් හතරක (බංග්ලාදේශයේ චැනල් 9, ඉන්දියාවේ ඩී. ස්පෝර්ට්ස්, මාලදිවයිනේ රූපවාහිනීසේවය සහ  නේපාලයේ ඒ. පී. 1 රූපවාහිනී සේවය) සජීවී ලෙස විකාශනය කිරීමට විධි විධාන යොදා ඇත.

1997 වසරේ නේපාලයේ පැවති තරගාවලියේදී ප්‍රථම වරට ඉන්දියාව සහ මාලදිවයින අවසන් තරගයේදී හමුවී ඇති අතර ඉන් අනතුරුව 2008 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදීද 2009 වසරේ බංග්ලාදේශයේ පැවති තරගාවලියේදීද ඉන්දියාව සහ මාලදිවයින අවසන් තරග සඳහා සහභාගී වී ඇත. ඒ අතරින් 1997 සහ 2009 තරගාවලි දෙක ඉන්දියාව විසින් ද 2008 තරගාවලිය මාලදිවයින විසින් ද ජයග්‍රහණය කරන ලදී.

12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ ඉතිහාසය අනුව 7 වරක් ඉන්දියාව කුසලාන දිනා ගෙන තිබේ.  මාලදිවයින මෙම කුසලානය දිනාගෙන ඇත්තේ එක් වතාවක් පමණි.

මෙවර තරගාවලියේදී ඉන්දියාව අපරාජිතව අවසන් තරගයට සහභාගී වන අතර මාලදිවයින එක් තරගයක් පමණක් පරාජය වී අවසන් තරගයට සහභාගී වෙයි.

තරගාවලියේ මූලික වටයේ දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ගෝල 2-0 කින්ද මාලදිවයින ගෝල 2-0 කින්ද පරාජය කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් පූර්ව වටයේදී පකිස්තානය ගෝල 3-1 කින් පරදා ඉන්දියාව අවසන් තරගයට වරම් ලැබීය.

තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස හැඳින්වෙන මාලදිවයින ශ්‍රී ලංකාව සමඟ තරගය ගෝල 0-0 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්තේය.  ඉන්දියාව සමඟ තරගය ගෝල 0-2 ලෙස පරාජයට පත්වුවද කාසියේ වාසිය මත මාලදිවයින අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

නේපාලය සමඟ පැවති අවසන් පූර්ව තරගයේදී ගෝල 3-0 කින් නේපාලය පරදා අවසන් තරගයට මාලදිවයිනට සුදුසුකම් ලබා ගත්තේය.

මේ අතර 12 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකාව සහ භූතානය ප්‍රතිවාදීන්ට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා නොකළ කණ්ඩායම් අතරට එක්ව සිටිති.

 


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු ශූරතාව සොයා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.