Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව පෙරමුණට එයි

දකුණු අප්‍රිකාව පෙරමුණට එයි

editorial - 2019 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව තරගයට පැමිණීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගනිමින් ශිෂුඕකාහිදී අද (04) පැවැති ලෝක කුසලාන රග්බි තරගයෙන් ලකුණු 49-3 කින් ඉතාලිය පරාජය කිරීමට සමත් වූහ.

දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 ක් බවට ඉහළ නංවාගනිමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණියේය. දකුණු අප්‍රිකාව මේ වන විට තරග තුනකදී තරග දෙකක් ජය ලබාසිටියි.

මෙහිදී දකුණු අප්‍රිකානු පිල අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගැනීම කැපී පෙනුණි.

‘බී’ කාණ්ඩයේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉතාලිය යන ප්‍රබල කණ්ඩායම් තුන අතර මේ වන විට තියුණු සටනක් නිර්මාණ වී තිබේ.

දකුණු අප්‍රිකානු පිල පළමු තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් යම් තරමක අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිය ද මෙම ජයග්‍රහණයත් සමඟ එම තත්ත්වය මඟ හැරුණි.

දකුණු අප්‍රිකාව පළමු වටයේ අවසන් තරගයේදී කැනඩාවට එරෙහිව තරග කිරීමට නියමිත අතර ඉතාලිය අවසන් තරගයේදී ප්‍රබල නවසීලන්ත පිලට එරෙහිව තරග කිරීමට සූදානම්ව සිටියි.    
 
ඉතාලිය තරග තුනකින් දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 10 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. නවසීලන්තය සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් සමගින් තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ජයග්‍රාහි දකුණු අප්‍රිකානු පිල ගෝල හතරකින්, උත්සාහක දිනුම් තුනක් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු 49 රැස්කළේය. ඉතාලි පිල දඩුවම් පහරක් පමණක් සාර්ථක කළේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම ඉතාලි පිලට දැඩි අභියෝගයක් යොමු කිරීමෙන් ලකුණු 17-3 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.  



- 048


අදහස් (0)

දකුණු අප්‍රිකාව පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.