Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම මෝටර් රථ රියැදුරා උෂාන්

දක්ෂතම මෝටර් රථ රියැදුරා උෂාන්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසිඳු පීරිස් සමග ද්වන්ද සටනක නිරත වීමෙන් අනතුරුව ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ගැනීමට උෂාන් පෙරේරා සමත් විය.


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ කාල ගණනයට අනුව ඉදිරිපෙළ තරග ආරම්භක ස්ථානය පසිඳු පීරිස්ට හිමිවී තිබූ අතර උෂාන් පෙරේරා දෙවැනි ස්ථානයේ සිට තරග ආරම්භ කළේය. පසිඳුට පමණක් දෙවැනි වෙමින් පළමු තරගය අවසන් කළ උෂාන්, දෙවැනි තරගය ආරම්භයේදීම ඔහුට ඉදිරියෙන් සිටි පසිඳු පසුපසට ඇද දමමින් පෙරමුණ තහවුරු කරගත්තේය.  


තරගය ආරම්භයේදී ලබාගත් පෙරමුණ තරගය අවසන් වන තෙක්ම රැකගනිමින් ධාවනයේ යෙදුණ උෂාන්, පළමු වරට ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම මොටර් රථ රියැදුරා බවට පත්වෙමින් තරගය නිමා කළේය. එම තරගය පුරාම උෂාන්ව පසුකර ඉදිරියට යෑමට පසිඳු උත්සහගත්තද, උෂාන්ගේ උපක‍්‍රම ශීලී කී‍්‍රඩා විලාසය හමුවේ පසිඳුගේ සියලූ උත්සාහයන් අසාර්ථක විය. මෙම තරග දෙකේම තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට කෞෂාල් සමරසිංහ සමත් විය.


එකිනෙකා පරයා ඉදිරියට ඇදීමට මෙම තරග දෙකට සහභාගී වූ සෙසු තරගකරුවන් අතරද ඉතා තියුණු තරගයක් පැවැති අතර අරවින්ද පේ‍්‍රමදාස, ජනක ඩයස්, ටිරෝන් හෙඳවිතාරණ සහ සජාඞ් සුහේර් ඒ අතර ප‍්‍රධාන තැනක් ගත්හ.


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගත් මාලික කුරුවිටාරච්චි සමග එක්ව මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමටද උෂාන් පෙරේරා සමත් වූ අතර ඔවුන් දෙදෙනා සියැට් කණ්ඩායම නියෝජනය කළහ.


කළකට පසු ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට දිනේෂ් සේනානායක සමත් වෙද්දී එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට ඉර්ෆාන් ෆෝඞ් සමත් විය.


එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ (සි. ධා. 1300 දක්වා තරගය සහ සි. ධා. 1500 දක්වා තරගය) තරග දෙකේම ජය තමන් සතුකරගැනීමට කුෂාන් පීරිස් සමත් වූයේ සිය ප‍්‍රභලම ප‍්‍රතිවාදියා වන උපුල්වන් සේරසිංහ පළමු තරගයේ දෙවැනි ස්ථානයටද, දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයටද ඇද දමමිනි. ලාබාල කී‍්‍රඩක ෂෙනාල් ෂෙනාල් ගුණවර්ධන දෙවැනි තරගයේ දෙවැනි ස්ථානයට පත් වූ අතර ඉන් නොනැවතුන ෂෙනාල් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයද හිමිකරගත්තේය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා* එක්ව 8 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කළ අතර සියැට්, හොණ්ඩා, සිංගර් යන සමාගම් තරගාවලියේ සෙසු අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කළේය.  


තරග ප‍්‍රතිඵල


එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ

1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)

 

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ

1 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)

2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)

3 රිස්මි අමනුඞීන් (නිසාන් මාර්ච් 1000)

 

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ

1 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)

2 සචිත් පතිරණ (නිසාන් ඊ. ආර්. එස්. 1050)

3 ෂෙහාරා ජයවර්ධන (ටොයොටා විට්ස් 1050)

 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)

2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)

3 ප‍්‍රසන්න ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)

 

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ

1 ඉර්ෆාන් ෆෝඞ් (හොන්ඩා ඊ. ආර්, 1600)

2 ෂෙනාල් ගුණවර්ධන (හොණ්ඩා සිවික් 1600)

3 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)

 

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ

1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)

2 ටිරෝන් හෙඳවිතාරණ (සුබාරු ලෙගාසි 2200)

3 ශිරාන් ඩූල් (සුබාරු ලෙගාසි 2200)

 

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය

1 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)

3 කෞෂාල් සමරසිංහ (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)

2 ෂෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1500)

3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)

 

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ

1 දිනේෂ් සේනානායක (ටොයොටා රෝ IV)

2 ඉෂ්රාක් වහබ් (මිට්සුබිශී එවොලූෂන් 3500)

3 කාසිම් වහබ් (ස්සනා යොංග් 3000)

 

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ

1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)

2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)

3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)

 

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය

1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)

2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

3 කෞෂාල් සමරසිංහ (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 

 


කුෂාන් පීරිස්

 

 

 

 

 

 

 

 

 

 

 


කෞෂාල් සමරසිංහ

 

 

 

 

 

 


ඉර්ෆාන් ෆෝඞ්

 

 

 

 

 

 


ෂෙනාල් ගුණවර්ධන

 

 

 

 

 


පසිඳු පීරිස්

 

 

 

 

 

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගයේ ජයග්‍රහණය ලැබූ උෂාන් පෙරේරා

(ඡායාරූප - ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

දක්ෂතම මෝටර් රථ රියැදුරා උෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.