Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම ක්‍රීඩකයා සෙනුර - ක්‍රීඩිකාව ජිතාරා

දක්ෂතම ක්‍රීඩකයා සෙනුර - ක්‍රීඩිකාව ජිතාරා

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වාද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරියද සමත් වූහ.   

බාලක වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස මහනුවර කින්ස්වුඞ් විදුහලේ ධනුෂ්ක විජේසිංහ හමුවේ පරාජය කළ සෙනුර සිල්වා, වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස මහනුවර කින්ස්වුඞ් විදුහලේම චන්දූප අලහකෝන් පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

බාලිකා වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඩී.එච්. කොළඹගේ පරාජය කළ ජිතාරා වර්ණකුලසූරිය, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ 21 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා පරාජය කරමිනි.

තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජයේ උදය රණසිංහ සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස එම සමාජයේම ක්‍රිෂාන් වික්‍රමසිංහ පරාජය කරමිනි.

අවසන් මහ තරගයේදී වට 4-3 ක් ලෙස යුද හමුදාවේ එරන්දි වරුසවිතාන පරාජය කරමින් විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට වරයා අධිකාරියේ ඉෂාරා මධුරංගි සමත් වූවාය.  

කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගලු විද්‍යාල ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමු පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් සහ වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සභාපති කනක හේරත් යන මහත්වරු ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.


බාලක තරග ප්‍රතිඵල

■ වයස 10 න් පහළ
අකේන් බෝජිත් (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස දිලිත් දින්සර (කෑගලු විද්‍යාලය) පරාජය කරන ලදි. (11/8, 11/6, 12/10)

■ වයස 12 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (7/11, 11/6, 13/11, 11/7)
 
■ වයස 15 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංන්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/8, 9/11, 9/11, 11/7)

■ වයස 18 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චන්දූප අලහකෝන් (නුවර කිංන්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/7, 13/11)

■ වයස 21 න් පහළ
ක්‍රිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) විසින් තරග වට 3-1 ක් ලෙස සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/9, 12/10, 5/11, 12/10)


බාලිකා තරග ප්‍රතිඵල

■ වයස 10 න් පහළ
මේකලා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සදෙව් දෙව්රූ (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/6, 11/5)

■ වයස 12 න් පහළ
ඉමල්ෂා සෙව්මිණි (අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සඳිනිති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (7/11, 11/5, 11/8, 11/5)

■ වයස 15 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (5/11, 12/10, 11/8, 7/11, 11/9)

■ වයස 18 න් පහළ
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ඩී.එච් කොළඹගේ (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (10/12, 11/4, 11/9, 11/8)

■ වයස 21 න් පහළ
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (1/11, 6/11, 11/9, 13/11, 11/9)


විවෘත පිරිමි
උදය රණසිංහ (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය)  විසින් තරග වට 4-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) පරාජය කරන ලදි. (11/7, 11/8, 11/9, 11/5)

විවෘත කාන්තා
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) විසින් තරග වට 4-3 ක් ලෙස එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (8/11, 8/11, 11/9, 11/13, 11/3, 11/9, 11/7)

- 036


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා සෙනුර - ක්‍රීඩිකාව ජිතාරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.