Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනූක - බුවනෙක - නිලූක තෙවැනි වටයට

දිනූක - බුවනෙක - නිලූක තෙවැනි වටයට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වූ අද (11 වැනිදා) පැවැති බැඞ්මින්ටන් කේවල ඉසව්වේ දෙවැනි වටයේ තරගවලට සහභාගි වූ දිනූක කරුණාරත්න, බුවනෙක ගුණතිලක සහ නිලූක කරුණාරත්න එහිදී ජයග්‍රහණ ලබා තෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.

පිරිමි කේවල ඉසව්වට සහභාගි වූ දිනූක, බුවනෙක සහ නිලූක ඔවුන් තරග වැඳුණ දෙවැනි වටයේ තරගවලදී පිළිවෙලින් උතුරු අලයර්ලන්ත, ගායානා සහ ෆීජි ක්‍රීඩකයන් පරාජය කළහ.

අද පැවැති කාන්තා කේවල ඉසව්වේ දෙවැනි වටයේ තරගයකට සහභාගි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකව වූ හසිනි අම්බලන්ගොඩ එහිදී මුරුසියේ කේට් ෆෝකූන් හමුවේ පරාජයට පත්වූවාය.

තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින්ද, හසිනි අම්බලන්ගොඩ සහ මධුෂිකා දිල්රුක්ෂි මාන් දූපත් කණ්ඩායම පරාජය කරමින්ද කාන්තා යුගල ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ. බුවනෙක ගුණතිලක සහ සචින් ජයස් පිරිමි යුගල ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී සැම්බියා කණ්ඩායම පරාජය කරමිනි.

සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා ජර්සි කණ්ඩායම පරාජය කරමින් මිශ්‍ර යුගල ඉසව්වේ තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා බුවනෙක ගුණතිලකට සහ කවිඳි සිරිමාන්නගේට එම ඉසව්වේ දෙවැනි වටයෙන් ඉවත්වීමට සිදුවූහ.


පිරිමි කේවල දෙවැනි වටය
දිනූක කරුණානායක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස සියරන් චැම්බර්ස් (උතුරු අයර්ලන්තය) පරාජය කරන ලදි. (21/7, 21/8)
බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස එමානුවෙල් ඩොන්කර් (ගයානාව) පරාජය කරන ලදි. (21/18, 24/22)
නිලූක කරුණානායක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ලියෑම් ෆොන්ග් (ෆීජි) පරාජය කරන ලදි. (21/5, 21/6)

කාන්තා කේවල මූලික වටය
කේට් ෆෝකූන් (මුරුසිය) විසින් වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩ (ශ්‍රී ලංකාව)  පරාජය කරන ලදි. (21/12, 21/12)

පිරිමි යුගල මූලික වටය
බුවනෙක ගුණතිලක සහ සචින් ජයස් (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුලෙන්ගා කොලොම්බො සහ මුලෙන්ගා චොන්ගො (සැම්බියාව) පරාජය කරන ලදි. (21/6, 21/9)

කාන්තා යුගල මූලික වටය
තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස බෂීර් පල්වෂා සහ ශෙසාඞ් මහූර් (පාකිස්තානය) පරාජය කරන ලදි. (21/6, 21/15)
හසිනි අම්බලන්ගොඩ සහ මධුෂිකා දිල්රුක්ෂි (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ක්ලේගුයි කිම්බර්ලි සහ මැරීට් ක්‍රිස්ටින් (මාන් දූපත්) පරාජය කරන ලදි. (21/13, 21/19)

මිශ්‍ර යුගල දෙවැනි වටය
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඩික්සන් එලිස් සහ හචිංග්ස් ඇලෙක්සැන්ඩර් (ජර්සි) පරාජය කරන ලදි. (21/10, 21/11)
ඩූන් ඇලෙක්සැන්ඩර් සහ ඕ’ඩොනෙල් එලීනර් (ස්කොට්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/19, 21/17)


- 036

 


අදහස් (0)

දිනූක - බුවනෙක - නිලූක තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.