Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රිත්ව ශූරතා දිනූ ඒරන් යතුරුපැදි කිරුළ ඩැහැගනී

ත්‍රිත්ව ශූරතා දිනූ ඒරන් යතුරුපැදි කිරුළ ඩැහැගනී

ශානුක අරවින්ද - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 ත්‍රිත්ව ජයග්‍රහණ හිමිකර ගනිමින් කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පතයේදී පැවැති ‘මොබිල්-1’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ලාබාල යතුරුපැදි ක්‍රිඩක ඒරන් ගුණවර්ධන සමත් විය.

ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 ට වැඩි) යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගත් ඒරන්, දෙවැනි අදියරේ දෙවැනියා බවට පත්වෙමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් විය. ඉන් නොනැවතුණ ඔහු අධි බලැති යතුරුපැදි පමණක් භාවිත කරන එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 1000 දක්වා) යතුරුපැදි ඉසව්ව සහ එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 600 දක්වා) යතුරුපැදි ඉසව්වද ජයගැනීමට සමත් විය.

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 ට වැඩි) යතුරුපැදි ඉසව්වේ පළමු අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් නඳුන් විජේසේකර, එහි දෙවැනි අදියරේද අවසන් වටය දක්වාම දෙවැනි ස්ථානයේ ගමන් කළේය. කෙසේ වුවත් තරග නිමාවට මීටර් 300 ක් පමණ පසුපසින් සිටියදී ලිස්සා යෑමකට හසුව ධාවන පථය මත ඇද වැටීම නිසා ඔහුට දෙවැනි අදියර නිමා කිරීමට නොහැකි විය. පළමු අදිරේ තෙවැනි ස්ථානය ඒරන්ගේ සොහොයුරු ජේඞ්න් ගුණවර්ධන විසින්ද, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය මධුරංග කල්දේරා විසින්ද හිමිකරගනු ලැබූහ.

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 250 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි ඉසව්ව ජයගැනීමට දුෂාන් මුදලිගේ සමත් වූ අතර එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට 750 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගැනීමට සංගීත් සූරියගේ සමත් වූයේ දේෂාන් සොලංකි සහ ෂොයෙල් ඩැනියෙල් එම අදියර දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි.

ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන් 200 ක් පමණ සහභාගි වූහ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර මොබිල්, සියැට් සහ හොණ්ඩා යන සමාගම් එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

යතුරුපැදි තරග ප්‍රතිඵල

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි
1 ඩබ්ලිව්. වීරසිංහ (ඇප්‍රිලා ආර්.එස්. 125)
2 ස්ටීවන් ප්‍රනාන්දු (ඇප්‍රිලා 125)
3 මොහොමඞ් ශසාන් (යමහා බෙල්ගාඩ 125)

යමහා එෆ්.ඉසෙඞ්. (සි.ධා. 150 දක්වා) යතුරුපැදි
1 අමිල පැතුම් (යමහා එෆ්.ඉසෙඞ්. 150)
2 පැතුම් කුමාර (යමහා එෆ්.ඉසෙඞ්. 150)
3 කල්හාර ප්‍රනාන්දු (යමහා එෆ්.ඉසෙඞ්. 150)

ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සි.ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී.බී.ආර්. 150)
2 නිකිල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 150)
3 විනුල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 150)

ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සි.ධා. 160 දක්වා) හොණ්ඩා හොනට් යතුරුපැදි
1 ඉසුරු මධුෂාන් (හොණ්ඩා හොනට් 160)
2 සජිත් නිමේෂ් (හොණ්ඩා හොනට් 160)
3 ගිහාන් මධුෂංක (හොණ්ඩා හොනට් 160)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) කවසාකි ට්‍රැකර් යතුරුපැදි
1 එච්.එම්.එස්. භානුක (කවසාකි ට්‍රැකර් 250)
2 ගිහාන් මධුෂංක (කවසාකි ට්‍රැකර් 250)
3 ඒ.ඩී.එස්. සුපුන් (කවසාකි ට්‍රැකර් 250)  

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි
1 දුෂාන් මුදලිගේ (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 සංජය ගුණවර්ධන (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

ඕ. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) හොණ්ඩා හොනට් යතුරුපැදි
1 රිසිත ප්‍රෂාන් (හොණ්ඩා හොනට් 250)
2 සජිත් නිමේෂ් (හොණ්ඩා හොනට් 250)
3 නවිෂ්ක පෙරේරා (හොණ්ඩා හොනට් 250)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි
1 ශෙමීන් ප්‍රනාන්දු (හොණ්ඩා සී.බී.ආර්. 250)
2 නිපුන් දිලංක (හොණ්ඩා සී.බී.ආර්. 250)
3 දෙනෙත් රණසිංහ (හොණ්ඩා සී.බී.ආර්. 250)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු අදියර
1 සංගීත් සූරියගේ (පී.පී.එල්.කේ. වයි.ඉසෙඞ්.එෆ් 450)
2 ෂොයෙල් ඩැනියෙල් (කේ.ටී.එම්. ඊ.එක්ස්.සී. 450)
3 දේෂාන් සොලංකි (හෂ්කුවර්නා එෆ්.එස්. 701)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි අදියර
1 සංගීත් සූරියගේ (පී.පී.එල්.කේ. වයි.ඉසෙඞ්.එෆ් 450)
2 දේෂාන් සොලංකි (හෂ්කුවර්නා එෆ්.එස්. 701)
3 ෂොයෙල් ඩැනියෙල් (කේ.ටී.එම්. ඊ.එක්ස්.සී. 450)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 600 දක්වා) යතුරුපැදි
1 ඒරන් ගුණවර්ධන (මෙල්වා එස්.පී. 600)
2 ජේඞ්න් ගුණවර්ධන (මෙල්වා එස්.පී. 600)
3 නෙඞ් ඩැනියෙල් (හොණ්ඩා සී.බී.ආර්. 600)

ක්‍රීඩා - සංචාරක (සි.ධා. 500 සිට 1300 දක්වා) යතුරුපැදි
1 ශෂික සඳරුවන් (කේ.ටී.එම්. ඩූක් 1290)
2 මුෂාරෆ් ෆුවාඞ් (ඩුකාටි ස්ටී්‍රට් ෆයිටර් 1198)
3 අකලංක පෙරේරා (ඇප්‍රිලා ඩොර්සොඩුරු 1000)

එම්. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) එස්.බී.කේ. යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන (මෙල්වා එස්.ආර්.ආර්. 1000)
2 නඳුන් විජේසේකර (බී.එම්.ඩබ්ලිව්. එස්.ආර්.ආර්. 999)
3 ෂොයෙල් ඩැනියෙල් (ඇප්‍රිලා ආර්.එස්.වී. 1000)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 න් ඉහළ) විවෘත යතුරුපැදි පළමු අදියර
1 ඒරන් ගුණවර්ධන (මෙල්වා එස්.ආර්.ආර්. 1000)
2 නඳුන් විජේසේකර (බී.එම්.ඩබ්ලිව්. එස්.ආර්.ආර්. 999)
3 ජේඞ්න් ගුණවර්ධන (මෙල්වා එස්.පී. 1000)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 250 න් ඉහළ) විවෘත යතුරුපැදි දෙවැනි අදියර
1 ෂොයෙල් ඩැනියෙල් (ඇප්‍රිලා ආර්.එස්.වී. 1000)
2 ඒරන් ගුණවර්ධන (මෙල්වා එස්.ආර්.ආර්. 1000)
3 මධුරංග කල්දේරා (යමහා ආර්.1එම්. 999)


අදහස් (0)

ත්‍රිත්ව ශූරතා දිනූ ඒරන් යතුරුපැදි කිරුළ ඩැහැගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.