Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රිත්ව පිලට 26-5ක ජයක්

ත්‍රිත්ව පිලට 26-5ක ජයක්

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැති ත්‍රිත්ව විදුහල් පිලත්, කටුගස්තොට ශාන්ත අන්තෝනි පිලත් අතර තරගයෙන් ලකුණු 26 – 05 ක පහසු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ.  

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාංගණයට සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට ඇතුළුවීමට අවසර නොලැබුණු අතර තරගය නැරඹීමට සීමිත ප්‍රමාණයකට පමණක් අවසර ලැබී තිබීම විශේෂ සිදුවීමක් විය.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 19 – 05 ක් වශයෙන් ත්‍රිත්ව පිල ඉදිරියෙන් සිටි මෙම තරගයේ ජයග්‍රාහී ත්‍රිත්ව පිල ගෝල දිනුම් 03ක්, උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර, ශාන්ත අන්තෝනි පිල එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළේය. මෙම තරගය පුරාවට ත්‍රිත්ව ක්‍රීඩකයන් තරග නීතිරීති වලින් බැහැරව ඉතාමත් ප්‍රවේගකාරී ක්‍රීඩා විලාසයක නිරතවීම හේතුවෙන් ප්‍රතිවාදී අන්තෝනි පිලට දඬුවම් පහර15 කට අධික සංඛ්‍යාවක් පිරිනැමීමට තරග විනිසුරුවරයාට සිදු වූ අතර කහකාඩ් පත් 04ක් මගින් ත්‍රිත්ව ක්‍රීඩකයන් 04 දෙනකු දඬුවම් බංකුවට යැවීමට ද සිදු විය. කෙසේනමුත් මෙම තරගය ප්‍රසාද ලකුණු ද සමගින් තරගය නිමා කිරීමට ත්‍රිත්ව පිල සමත් විය.

තරග විනිසුරු දිලුම් ඩිෂාන් මහතාගේ ප්‍රථම නලා හඬින් තරගය ආරම්භ වී පළමු විනාඩියේදීම ප්‍රතිවාදී ලකුණු සීමාව ආක්‍රමණය කිරීමටත් ත්‍රිත්ව පිලේ චමුදිත දොඩන්වත්ත සමත් වූ අතර, එහි ප්‍රවර්තනයද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදී. තරගයේ 20වැනි විනාඩියේදී නැවතත් ත්‍රිත්ව පිලේ හර්ෂ සමරසිංහ අන්තෝනි ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

තරඟයේ 28වැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි පිල වාර්තා කළ එකම උත්සාහක දිනුම භවන් නිශාන්ත් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ප්‍රථම අර්ධය නිමාවීමට මොහොතක් තිබියදී ත්‍රිත්ව පිලේ චමෝද් මුතුනායක ශාන්ත අන්තෝනි ලකුණු සීමාවට ඇතුළුවීමට සමත් වූ අතර, එහි ප්‍රවර්තනය චමුදිත දොඩන්වත්ත විසින් සාර්ථක කර ගන්නා ලදී.

දෙවැනි අර්ධය ආරම්භවී පළමු විනාඩියේදීම ත්‍රිත්ව පිලේ රුවීශ පනන්වල විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින්ප්‍රසාද ලකුණුද තම පිලට හිමිකර දීමට සමත් වූ අතර, එහි ප්‍රවර්තනයද චමුදිත දොඩංවත්ත විසින් සාර්ථක කර ගන්නා ලදී.

තරගයේ අවසන් නලා හඬ නිකුත් වනවිට ලකුණු 26 – 05 ක් වශයෙන් ත්‍රිත්ව පිල ජය වාර්තාකර තිබුණි .

ඡායාරූපය - ෂේන් සෙනෙවිරත්න


අදහස් (0)

ත්‍රිත්ව පිලට 26-5ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.