Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තත්පර 0.006 කින් වාර්තාව මඟහැරෙයි

තත්පර 0.006 කින් වාර්තාව මඟහැරෙයි

editorial - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 24 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කීමට මෝටර් රථ ක්‍රීඩක අශාන් සිල්වා සමත් විය.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන්ට එම තරගයේ වටයක් නිමා කිරීම සඳහා ගතවූ අඩුම කාලය වූයේ තත්පර 32.428 කි. කෙසේ වුවත් තරගාවලියේ වේගවත්ම කාලය ලෙස සටහන් වී ඇති තත්පර 32.422 වාර්තාව බිඳ දැමීමට අශාන්ට නොහැකි විය.

මින් පෙර 2018 පැවැති තරගාවලියේදී එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වෙමින් එම වාර්තාව පිහිටවූ ඩිලාන් සෙනෙවිරත්නට, සිය මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙවර තරගාවලියේදී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

මෙවර තරගාවලියේදී අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට සංගීත් සූරියගේ සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය තත්පර 33.752 කින් නිමා කරමිනි.

පිට පිටම දෙවරක් (2018 සහ 2019 වසර වලදී) එළියකන්ද තරණයේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්ව සිටි දුෂාන් මුදලිගේට මෙවර තරගාවලියේදී වාර්තා කළ හැකි වූ හොඳම කාලය වූයේ තත්පර 34.47 කි. කෙසේ වුවත් එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තරගය ජයගැනීමට ඔහු සමත් විය.

මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගත් එකම ක්‍රීඩකයා බවට පත්වීමට යතුරුපැදි ක්‍රීඩක මහීල් පවිත්‍ර සමත් වූ අතර ස්ටීවන් ප්‍රනාන්දු සහ ජේඞ්න් ගුණවර්ධන ඔවුහු සහභාගි වූ ඉසව්වලදී ද්විත්ව ජයග්‍රහණ වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

මීටර් 800 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 15 ක් සහ යතුරුපැදි ඉසව් 15 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.


මෝටර් රථ තරග ප්‍රතිඵල
■ එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (තත්. 39.57)
2 මිහාන් පීරිස් (තත්. 41.03)
3 මහේෂ් කෝදාගොඩ (තත්. 41.59)

■ එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය
1 චන්දිම ගුණරත්න (තත්. 37.67)
2 රයන් ග්‍රේ (තත්. 40.93)
3 මෙවන් පෙරේරා (තත්. 45.13)

■ එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය
1 නදීර ජිනසේන (තත්. 35.88)
2 චන්දිම ගුණරත්න (තත්. 39.72)

■ ටී.ජේ. කාණ්ඩයේ ට්‍රක් සහ ජීප් රථ තරගය (විවෘත)
1 සංජය සේදර සෙනරත් (තත්. 39.49)
2 කාසිම් වහබ් (තත්. 47.38)

■ එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (තත්. 38.07)
2 ඩිලංක විජේසූරිය (තත්. 38.17)
3 ඩිලූප පල්ලියගුරු (තත්. 38.68)

■ එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 සඳරු වීරසිංහ (තත්. 39.30)
2 නීල් වීරසිංහ (තත්. 40.81)
3 නාමල් සිල්වා (තත්. 41.46)

■ එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 රන්දික නිරෝෂන් (තත්. 35.19)
2 ඉර්ෆාන් ෆෝඞ් (තත්. 35.99)
3 අයේෂ් බණ්ඩාර (තත්. 37.2)

■ එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 ශිරාන් ඩූල් (තත්. 37.99)
2 මේනක සඳරුවන් (තත්. 38.58)
3 ක්‍රිෂාන් සේනාරත්න (තත්. 44.57)

■ එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 චානක රත්නායක (තත්. 40.37)
2 සුරංජන් දාබරේ (තත්. 41.00)
3 සඳරු වීරසිංහ (තත්. 41.44)

■ ‘එස්.එල්.ජී.ටී’ කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (තත්. 32.42)
2 ටිරෝන් හෙන්ඳාවිතාරන (තත්. 34.99)
3 මනීෂ් ගුණතිලක (තත්. 36.53)

■ එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 එම්.එම්.ඒ. ජයනිත් (තත්. 40.38)
2 නිරෝෂ් ජීවන්ත (තත්. 40.94)
3 අදීෂ කිත්විත් (තත්. 42.03)

■ එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 චමත් පල්ලියගුරු (තත්. 40.69)
2 රසිත පසන් (තත්. 40.90)
3 නිෂාන්ත දුනුවිල (තත්. 41.52)

■ එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 ඉම්රන් යකූබ් (තත්. 39.00)
2 චාමික රණතුංග (තත්. 39.63)
3 ඩිලංක විජේසූරිය (40.02)

■ ‘ඩී’ කාණ්ඩයේ විවෘත ඩීසල් මෝටර් රථ තරගය (ක්‍රීඩා සමාජයේ තරගකරුවන් සඳහා)
1 ඩිලූප පල්ලියගුරු (තත්. 44.82)
2 රංග බියන්වල (තත්. 46.19)
3 උදාර පල්ලියගුරු (තත්. 48.01)

■ ක්‍රීඩා සමාජයේ ආධුනික තරගකරුවන් සඳහා පැවැති මෝටර් රථ තරගය
1 කුමුදිත වනිගසේකර (තත්. 44.52)
2 නඳුන් උළුවිට (තත්. 45.59)
3 සඳරු ධීරසේකර (තත්. 46.72)

 

යතුරුපැදි තරග ප්‍රතිඵල

■ ඕ. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ (සන්නද්ධ සේවා) යතුරුපැදි තරගය
1 ඒ.එන්. ලක්මාල් (තත්. 44.05)
2 දිලුම් දිසානායක (තත්. 46.54)
3 එච්.ජී. ලක්මාල් (තත්. 47.20)

■ ඕ. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 මහීල් පවිත්‍ර (තත්. 41.81)
2 ඩිලාන් රත්නායක (තත්. 42.57)
3 සුපුන් ධනුෂ්ක (තත්. 43.48)

■ ඕ. කාණ්ඩයේ (සි.ධා. 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 ස්ටීවන් ප්‍රනාන්දු (තත්. 38.23)
2 විනුල පතිරගේ (තත්. 38.80)
3 ජානක දිනේෂ් (තත්. 38.92)

■ එම්. කාණ්ඩයේ (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 ස්ටීවන් ප්‍රනාන්දු (තත්. 37.91)
2 ගනේෂන් විජේකුමාර් (තත්. 38.46)
3 රුසිත් චාමික (තත්. 40.16)

■ එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 ජානක දිනේෂ් (තත්. 36.56)
2 ස්ටීවන් ප්‍රනාන්දු (තත්. 36.63)
3 නිපුන් ඩිලංක (තත්. 37.54)

■ එම්. කාණ්ඩයේ (සි.ධා. 450 සිට 600 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 ජේඞ්න් ගුණවර්ධන (තත්. 35.58)
2 ඒරන් ගුණවර්ධන (තත්. 35.87)
3 ස්ටීවන් ප්‍රනාන්දු (තත්. 38.17)

■ එම්. කාණ්ඩයේ (සි.ධා. 900 සිට 1000 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 ජේඞ්න් ගුණවර්ධන (තත්. 34.44)
2 ඒරන් ගුණවර්ධන (තත්. 34.80)
3 රීසා ඔඩෙයාර් (තත්. 35.49)

■ එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) යතුරුපැදි තරගය (ක්‍රීඩා සමාජ යතරගකරුවන් සඳහා)
1 මහීල් පවිත්‍ර (තත්. 36.82)   
2 සුපුන් සුරාජ් (තත්. 37.85)
3 සංජය උමේෂ් (තත්. 38.11)

■ එම්. කාණ්ඩයේ විවෘත යතුරුපැදි තරගය
1 සරත් කුමාරසිංහ (තත්. 40.19)   
2 ෂේන් මාර්ක් (තත්. 40.25)
3 ජයම්පති දිසානායක (තත්. 41.79)

■ සංචාරය සඳහා නවීකරණය කළ (සි.ධා. 700 දක්වා) ක්‍රීඩා යතුරුපැදි තරගය
1 ශෂික සඳරුවන් (තත්. 38.15)
2 සුපුන් සුරාජ් (තත්. 38.41)
3 පී.ඒ.එස්. ප්‍රසන්න (තත්. 41.38)

■ එම්. කාණ්ඩයේ නවීකරණය නොකළ කවසාකි ට්‍රැකර් යතුරුපැදි තරගය
1 මහීල් පවිත්‍ර (තත්. 36.06)
2 සුපුන් සුරාජ් (තත්. 37.03)
3 උදාර චන්දිමාල් (තත්. 38.13)

■ එම්. කාණ්ඩයේ නවීකරණය නොකළ (සි.ධා. 160 දක්වා) යමහා එෆ්.ඉසෙඞ්. යතුරුපැදි තරගය
1 අමිල පැතුම් (තත්. 40.59)
2 තරිඳු කොඩිකාර (තත්. 40.70)
3 මහීල් පවිත්‍ර (තත්. 41.77)

■ ස්වංක්‍රීය සම්ප්‍රේෂක ස්කූටර් (සි.ධා. 115 දක්වා) යතුරුපැදි තරගය
1 මධුෂාන් බුද්ධික (තත්. 46.34)
2 විනුල පතිරගේ (තත්. 46.91)
3 අසංක සමරවික්‍රම (තත්. 47.63)

■ එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 දුෂාන් මුදලිගේ (තත්. 34.47)
2 ඒරන් ගුණවර්ධන (තත්. 34.82)
3 රීසා ඔඩෙයාර් (තත්. 35.29)

■ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ (තත්. 33.752)
2 ඒරන් ගුණවර්ධන (තත්. 34.82)
3 ජේඞ්න් ගුණවර්ධන (තත්. 35.72)

- 036


අදහස් (0)

තත්පර 0.006 කින් වාර්තාව මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.