Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය

ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය

editorial - 2020 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඩයනා උදයංගනී)

ලැම්බෝගිනි සූපර් ට්‍රෝෆියෝ  යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිලන්ත මාලගමුවට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමි වී තිබේ. වසර 36ක් තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ධාවන තරඟවලට සහභාගීවූ තමන්ට අන්තර්ජාතික තරගාවලියක් සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමිවූ පළමු අවස්ථාව මෙය බව ඩිලන්ත මාලගමුව පැවසීය.

සංචාරක අමාත්‍යාංශයෙන් ඔහුට මෙම අනුග්‍රහය ලබා දී ඇත.  ‍

මෙම තරඟාවලිය සඳහා ඔහු අනිද්දා (29) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය සහ ස්පාඤ්ඤයේදී පැවැත්වේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (27) එක් වු ඩිලන්ත මාලගමුව තමන්ට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් රජයට ස්තූතිය පිරිනමන බව පැවසීය.

තමන් වසර 36ක් පුරා ලෝකයේ විවිධ රටවල ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කරමින් මෝටර් රථ ධාවන තරඟවලට එක්වූ බව කී මාලගමුව මහතා ඒ සියල්ලට සහභාගී වූයේ තම පෞද්ගලික වියදමින් බවද පැවසීය.

ආසියාවේ මෝටර් රථ තරග රැසක්ම ජයග්‍රහණය කර ඇති ඩිලන්ත මාලගමුව, වසර 42 ක් පුරා මෝටර් රථ තරග වලට සහභාගි වීමෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ඉතා ආසන්නව සිටී.


අදහස් (0)

ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.