Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සෑම වසරකම ජනවාරි පළමු සතියේදී ආරම්භ වන ලෝකයේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව්වක් වන ඩකාර් රැළියට සහභාගි වෙමින් සිටි ඉන්දීය යතුරුපැදිකරු සී. එස්. සන්තෝෂ් රැලිය අතරතුරදී බරපතළ අනතුරකට මුහුණ දී තිබේ. ඔහු අනතුර සිදුවූ ස්ථානයේ සිට රියාද්හි රෝහලකට ගුවන් මගින් ගෙන ඒමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
සී.එස්. සන්තෝෂ් වසර ගණනාවකදීම ශ්‍රී ලංකාවේ මෝටර් ක්‍රොස් තරග රැසකට සහභාගි වූ ඉන්දීය ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ තරග වලදී ඔහු ටී.වී.එස්. කණ්ඩායම නියෝජනය කළද ඩකාර් රැළියේදී හීරෝ කණ්ඩායම නියෝජනය කරයි.
ලොව අභියෝගාත්මකම මෝටර් රථ රැළිය වන ඩකාර් රැළියේදී හීරෝ මොටෝස්පෝර්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිටි 37 හැවිරිදි සන්තෝෂ් බදාදා පැවැති සිව්වැනි අදියරේදී අනතුරට පත් වූයේය.
රියාද් වෙත ගෙනයාමට පෙර, ආධාරක වෛද්‍යවරු එම ස්ථානයට පැමිණෙන විටත් සිහියෙන් සිටි සන්තෝෂ්ගේ හිසට තුවාල සිදුවී ඇති බවට වාර්තා වේ. තරගයේ සිව්වැනි අදියර නිමාවීමට කිලෝමීටර් 135 ක් පමණ තිබියදී, බොරළු සහිත ධාවන පථයකදී මෙම අනතුර සිදුවී තිබේ.
මෙවර රැළිය කිලෝමීටර 7,646 ක දුරකින් යුතුවන අතර සන්තෝෂ්ගේ අනතුර සිදුවූ 4 වන අදියර, කිලෝමීටර 813 ක දිගම අදියර විය.
මෙම අනතුර සිදු වූයේ 2020 ඩකාර් රැලියට තරඟ කරමින් සිටි හීරෝ මොටෝස්පෝර්ට්ස් ධාවක පාවුලෝ ගොන්කාව්ස් මිය ගිය අදියරේදීමය. ගොන්කාව්ස්ගේ මරණයෙන් පසු හීරෝ මොටෝස්පෝර්ට්ස් කණ්ඩායම 2020 රැලියෙන් ඉවත් විය.
“ඔහුගේ දකුණු උරහිස විසන්ධි වී තිබෙන අතර හිසට දැණුනු කම්පනය හැරුණු විට ඔහුට විශාල ශාරීරික තුවාල නොමැති බව දැනුම් දීමට ලැබීම සතුටට කරුණක්. ඔහුගේ සම්පූර්ණ සුවය ලැබීමට බලපාන ප්‍රධාන ගැටලුවක් නොමැති බව නවතම ස්කෑන් පරීක්‍ෂණ මගින් තහවුරු වී තිබෙනවා” යයි හීරෝ මොටෝස්පෝර්ට්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලොව අසීරුතම මෝටර් රැළියක් වන්නේ ඩකාර් මෝටර් රැළියයි. ආරම්භයේදී මෙම රැළිය ප්‍රංශයේ පැරිස් නුවරින් ආරම්භ වී සෙනගාලයේ ඩකාර් නගරය දක්වා පැවැත්විණ. එබැවින් මෙම රැළිය ලෝ පුරා හැඳින්වෙන්නේ පැරිස් - ඩකාර් රැළිය ලෙසිනි. පසුව එහි ජනප්‍රියත්වය හේතුවෙන්ම පැරිස් - ඩකාර් රැළිය විවධ රටවලින් ආරම්භ වී විවිධ නගර වලින් අවසන් විය. මේ වසරේදී සෞදි ආරාබියේ ජෙඩා නගරයෙන් ආරම්භ වූ රැළිය අදියර 12 කින් පසුව මේ මස 15 වැනිදා ජෙඩා නගරයෙන්ම අවසන් වීමට නියමිතය.
ඩකාර් රැලියේ සන්තෝෂ්ගේ හත්වන උත්සාහය මෙයයි. ඔහු 2015 දී තරඟය නිම කළ පළමු ඉන්දියානුවා විය. එයින් පසුව වසර දෙකකදීත් ඔහු රැළිය නිමා කළේය.
වසර 2013 දී අබුඩාබි කාන්තාරයේ අභියෝගය තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ඔහුගේ සුසුකි එම්එක්ස් 450 කාණ්ඩයේ යතුරු පැදිය ගිනිගත් හෙයින් ඔහුගේ බෙල්ලට පිලිස්සුම් තුවාල සිදුවිය.
ඩකාර් රැළියෙන්....
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.