Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටොන්ගා 31-19 කින් ඇමරිකාව පරදවයි

ටොන්ගා 31-19 කින් ඇමරිකාව පරදවයි

editorial - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය වූ අද (13) දිනයේ පළමු තරගයේදී ටොන්ගා රාජ්‍ය ලකුණු 31-19 කින් ඇමරිකාව පරාජය කිරීමට සමත් විය.
 
හිගාෂිඔසාකාහිසී පැවැති ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය වූ මෙම තරගයෙන් ජය ලැබූ ටොන්ගා රාජ්‍ය එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත්වූ අතර මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ටොන්ගා රාජ්‍ය ලැබූ පළමු ජයග්‍රහණ ද වේ.  ඇමරිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ එකම තරගයක් හෝ ජය ලැබීමට අසමත් වීම කැපී පෙනුණි.
 
ඇමරිකාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-7 ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි අර්ධයේදී ටොන්ගා ක්‍රීඩකයෝ තවත් ලකුණු 24 ක් රැස්කරමින් පෙරමුණට පැමිණීමට සමත් වූහ.

හින්ගානෝ 57 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ටකුලූයා අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ටොන්ගා පිල ලකුණු 14-12 ක් ලෙස ඉදිරියට පැමිණියේය. ටොන්ගා ක්‍රීඩකයෝ 80 වැනි මිනිත්තුවේදී සිවුවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් අවසන් මොහොතේ අතිරේක ප්‍රසාද ලකුණ ද එකතු කරගැනීමට සමත් වූහ.
 
ජයග්‍රාහි ටොන්ටා රාජ්‍ය ගෝල හතරකින් සහ දඩුවම් පහරකින් ලකුණු 31 ක් රැස් කළේය. ඇමරිකාවට ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
 
එංගලන්තය තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 17 ක් හිමිකරගනිමින් ‘සී’ කාණ්ඩයේ පළමු ස්ථානය ලෙස ද, ප්‍රංශය තරග තුනක් ජය ලබමින් ප්‍රසාද ලකුණු 15 ක් හිමිකරගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලෙස ද, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්තය සහ ප්‍රංශය අතර පෙරේදා (12) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක තරගය සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් අතහැර දැමීමෙන් කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවිය. එම තීරණයත් සමඟ එංගලන්තය සහ ප්‍රංශය අපරාජිතව පිළිමළුන් පිටු දැකීමේ වටයට පැමිණියේය.
 
ආජන්ටිනාව තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක් හිමිකරගිනිමින් තෙවැනි ස්ථානයට පත්විය. ටොන්ටා රාජ්‍ය අතිරේක ප්‍රසාද ලකුණු දෙකක් ද සමගින් ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගත්තේය. ඇමරිකාව තරග හතරම පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණක් හෝ ලබාගැනීමට අපොහොසත් විය.

- 048

  


අදහස් (0)

ටොන්ගා 31-19 කින් ඇමරිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.