Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික සංචිතයේ පුහුණුවීම් හෙට සිට

ජාතික සංචිතයේ පුහුණුවීම් හෙට සිට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම 12 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය ඉලක්ක කරමින් හෙට (1) සිට ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය  කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය මෙම 12 වැනිදා පස්වරු 6.30 ට කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන මැලේසියානු ජාතික පාපන්දු කණ්ඩායම මෙම 10 වැනිදා  දිවයිනට පැමිණීමට නියමිතය.

අද සිට යළිත් ආරම්භ වන ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් සඳහා ක්‍රීඩකයන් 30 දෙනෙකු බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයට කැඳවා තිබේ. කෙසේ වෙතත් මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේ දී පැවති දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වෙනසක් සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරා මලයාසියානු  කණ්ඩායමට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

 මේ අතර බංගලාදේශයේ ඩකා නුවර දී නිමාවට පත්වූ 13 වැනි දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව  පියවරක් ඉදිරියට යමින් 199 වැනි ස්ථානයට පත්ව තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාව එහිදී  හිමිකරගෙන තිබුණේ 200 වැනි ස්ථානයයි. එහෙත් ඒ සමගම පාකිස්තානය ද ඒ වනවිට සිටි 201 වැනි ස්ථානයේ සිට ශ්‍රී ලංකාව හා සමාන 199 වැනි ස්ථානය ලබාගෙන සිටියි.

පැවති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත් වුවත් මාලදිවයිනට එරෙහිව පැවැති තරගය නිලකුණු තත්ත්වයක් මැද ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.

මාලදිවයින මෙවර දකුණු ආසියානු තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර එහිදී ඔවුන් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගන්නේ මූලික වටයේ දී සම ප්‍රසාද ලකුණු ලබා සිටි ශ්‍රී ලංකාව කාසියේ වාසියෙන් පරාජයට පත් කරමිනි.

කෙසේ වුවත් දකුණු ආසියානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් විසින් එහි නිලධාරීන් දෙදෙනකුට එරෙහිව කර ඇතැයි කියන පැමිණිල්ලක් පිළිබඳව ඉකුත්දා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගේ අවධානයට යොමුවූ බව ද වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දක්වන පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා මාධ්‍ය නිවේදනයකින් කියා සිටියේ එය ඉතා සුළු සිදුවීමක් පමණක් බවත් ජාතික පාපන්දු කණ්ඩායම කිසිදු අර්බුදයකින් තොරව යහපත් මානසිකත්වයකින්  පසුවන බවයි.

ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ සම්පත් බණ්ඩාර මහතා ඔහුගේ සේවා ස්ථානයෙන් දුරබැහැරකට මාරු කර යැවීමේ සිදුවීම පිටුපස ශ්‍රී ලංකා කණ්ඩායමේ චෝදනාලාභී නිලධාරියෙකු සිටින බව ද පාපන්දු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අවසන් වරට මුණගැසුණු 2012 දී පැවැති සුහද තරගයේදී මලයාසියාව විසින් ශ්‍රී ලංකාව ගෝල 6-0 කින් පරාජය කරන ලදී.

 


අදහස් (0)

ජාතික සංචිතයේ පුහුණුවීම් හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.