Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානය ඉතිහාස පොත අබියස

ජපානය ඉතිහාස පොත අබියස

editorial - 2019 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජපානය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ නව පිටුවක නොමැකෙන සටහනක් ආරම්භ කරමින් සෙනෙසුරාදා ජපානයේ නගෝයා නුවරට ආසන්නයෙන් පිහිටි අයිචි ප්‍රාන්තයේ ටොයෝටා නගරයේදී පැවැති මෙම තරගයෙන් ලකුණු 38-19 කින් සැමෝවා පරාජය කිරීමට සමත් විය.

මෙය ජපානය මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය වන අතර ජපානය ලෝක කුසලාන රග්බි තරගාවලියකදී 1995 වසරෙන් පසුව සැමෝවා පරාජය කළ පළමු අවස්ථාව මෙය වීම කැපී පෙනේ.

ජපානය මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 14 ක් සමගින් ‘ඒ’ කාණ්ඩයේ තව දුරටත් පෙරමුණේ රැදී සිටියි. මෙම ජයග්‍රහණයත් සමඟ ජපානය අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඉතාමත් ආසන්නයට පැමිණ සිටියි. එසේ වුවහොත් ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ ජපානය අර්ධය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන පළමු අවස්ථාව මෙය වේ.
 
ප්‍රබල අයර්ලන්තය තරග තුනකින් දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. ස්කොට්ලන්තය තරග දෙකකදී ප්‍රසාද ලකුණු 5 ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
 
ටෝකියෝ රග්බි පිටියට රැස්ව සිටි 40,000 කට අධික ප්‍රේක්‍ෂකයන්ගෙන් රත් පැහැවී තිබූ ක්‍රීඩාංගණයේ අතිරේක කාලයේදී ජපන් පිල සිවුවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය. ජපන් ක්‍රීඩක ටොකාරො මසුෂුමා තරගයේ 84 වැනි මිනිත්තුවේදී (අතිරේක කාලයේදී) සිවුවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් අවසන් මොහොතේ අතිරේක ප්‍රසාද ලකුණ එකතු කිරීමට සමත් විය.

ජයග්‍රාහි ජපානය ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර හතරකින් ලකුණු රැස්කළේය. සැමෝවා පිලට ගෝලයකින් සහ දඩුවම් පහර හතරකින් ලකුණු එකතු විය.

ජපානය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-9 ක් ලෙස පෙරමුණේ පසුවුවද ඒ වන විට සැමෝවා පිල දැඩි පීඩනයක් යොමු කරමින් සිටියේය. දෙවැනි අර්ධයේ සිවුවැනි මිනිත්තුවේදී සැමෝවා සිවුවැනි දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 16-12 ක් බවට පත් කළේය.
 
ජපානය තරගයේ 55 වැනි මිනිත්තුව වන විට තවත් ගෝලයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු සංඛ්‍යාව 26 ක් බවට පත්කරගත්තේය. සැමෝවා පිල ද සටන අත්නොහරිමින් 72 වැනි මිනිත්තුවේදී ගෝලයක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 26-19 ක් බවට පත් කළේය.

කේ. ෆුකුඕකා 75 වැනි මිනිත්තුවේදී වම් පස කොඩි කණුව අසළින් සම්පූර්ණ කළ විශිෂ්ට උත්සාහක දිනුමෙන් ජපන් ලකුණු සංඛ්‍යාව 31 ක් බවට පත්විය. ඉන් නොනැවතුණු ජපන් ක්‍රීඩකයෝ අතිරේක කාලයේදී වඩාත් වේගවත් වෙමින් ගෝලයක් සම්පූර්ණ කරමින් අවසන් ලකුණු තත්ත්වය 38-19 ක් බවට පත්කිරීමට සමත් වූහ.

ජපානය පළමු වටයේ අවසන් තරගයේදී ලබන ඉරිදා (13) ස්කොට්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය.     

 - 048

 


අදහස් (0)

ජපානය ඉතිහාස පොත අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.