Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චැඩ්වික් - අවිෂ්ක - ඉම්රුල් චැටෝග්‍රෑම් පිල දිනවති

චැඩ්වික් - අවිෂ්ක - ඉම්රුල් චැටෝග්‍රෑම් පිල දිනවති

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ලෙස චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළ ඉම්රුල් කේයස් චැලෙන්ජ්ර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 37 ක් රැස්කරමින් චැලෙන්ජර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර චැඩ්වික් වෝල්ටන් පන්දු 34 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක්ද රැස්කරමින් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 157 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් පන්දු 54 කදී ලකුණු 78 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.


රාංපූර් රේන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 157
(මොහොමඞ් නයීම් 78, මොහොමඩ් නබී 21, කෙස්රික් විලියම්ස් 35/2)

චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 4 කට 158
(චැඩ්වික් වෝල්ටන් 50, අවිෂ්ක ප්‍රනාන්දු 37, ඉම්රුල් කේයස් නොදැවී 44, මහමදුල්ලා රියාද් 15, ලුවිස් ජෝජ් 27/2)

-036

 


අදහස් (1)

චැඩ්වික් - අවිෂ්ක - ඉම්රුල් චැටෝග්‍රෑම් පිල දිනවති
  • අවිෂ්ක Sunday, 15 December 2019 01:39 AM

    චැඩ්වික් - අවිෂ්ක - ඉම්රුල් චැටෝග්‍රෑම් පිල දිනවති !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.