Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් දින 10 ක් පිටියෙන් ඉවතට

චන්දිමාල් දින 10 ක් පිටියෙන් ඉවතට

Nisanka Sandeepani - 2017 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එක්දින සංචිතයට හදිසියේම කැඳවන ලද ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ ඇඟිල්ලට පන්දුවක් වැදීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි කොටස ඔහුට අහිමි වී තිබේ.

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ (27 වැනිදා) පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් වැදීම නිසා චන්දිමාල්ගේ දකුණතේ මහපට ඇඟිල්ලේ සියුම් පිපිරීමක් ඇතිවිය. 

ලකුණු 14 ක් ලබා සිටියදී පන්දුව වැදීමෙන් පසුවද තරගය අත් නොහළ චන්දිමාල් සිය මහපටැඟිල්ලට වේදනා නාශය දියරක් ඉසීමෙන් පසුව දිගටම පන්දුවට පහර දුන්නේය.

චන්දිමාල් දැවී යන විට ලකුණු 36 ක් ලබා සිටියේය. පසුව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණ වලින් තහවුරු වූයේ ඔහුගේ මහපටැඟිල්ලේ අස්ථියක සියුම් පිපිරීමක් ඇති බවයි. ඒ හේතුවෙන් දින 10 කට ආසන්න කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුවන බව වෛද්‍ය නිර්දේශය වෙයි. 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ටෙස්ට් නායකයා නැවතත් හදිසියේම එක්දින කණ්ඩායමට කැඳවන ලද්දේ එක්දින නායක උපුල් තරංග තරග තහනමකට ලක්වීම හේතුවෙනි. 


අදහස් (0)

චන්දිමාල් දින 10 ක් පිටියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.