Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝන් ප්‍රී තරගාවලි 7 ක් කල් දමයි

ගෝන් ප්‍රී තරගාවලි 7 ක් කල් දමයි

editorial - 2020 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය පැතිරයෑම හේතුවෙන් ලොව පුරා ගෝන් ප්‍රී මෝටර් රථ තරගාවලි 7 ක් කල් දැමීමටත්, එක් තරගාවලියක් අතහැර දැමීමටත් එම තරගාවලින්හි සංවිධායකයන් පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියා, බහරේන, වියට්නාම, චීන, නෙදර්ලන්ත, ස්පාඤ්ඤ සහ අසර්බයිජාන ගෝන් ප්‍රී තරගාවලි සියල්ලහම කල්දමා තිබේ. මොනෑකෝ ගෝන් ප්‍රී තරගාවලිය අතහැර දමුනු ලැබිණ.
එම තරගාවලි අතරින් අවසන් වරට කල් දැමුණ තරගාවලිය වූ අසර්බයිජාන ගෝන් ප්‍රී තරගාවලිය ලබන ජූනි මස 7 වැනිදා බාකු නගරයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

එම තරගාවලිය කල්දමන බව නිවේදනය කරමින් එහි සංවිධායකයන් කියා සිටියේ ඔවුන් ෆෝමියුලා තරග සංවිධායකයන් සමග සමීපව කටයුතු කරන බවත්, මෙම වසර තුළදීම තරගාවලිය සඳහා වෙනත් දිනයක් නම් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

මේ අතර ජූනි මස 14 වැනිදා පැවැත්වීමට නියමිත කැනේඩියානු ගෝන් ප්‍රී තරගාවලිය පැවැත්වීමද අවිනිශ්චිත තත්වයක පවතී. එම තරගාවලියද කල්දැමීමට හෝ අත්හැර දැමීමට එහි සංවිධායකයන් පියවර ගතහොත් 2020 ෆෝමියුලා I කාණ්ඩයේ ලෝක ශූරතාවලියට පෙර පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නොපැවැත්වුණ නමවැනි ගෝන් ප්‍රී තරගාවලිය බවට එය පත්වනු ඇත.

සෙසු තරගාවලි මෙන්ම කැනේඩියානු ගොන් ප්‍රී තරගාවලියද කල් දැමීමට එහි සංවිධායකයන් පියවර ගනු ඇතැයි බොහෝ ක්‍රීඩා විචාරකයෝ පවසති. ඊට හේතු වී ඇත්තේ ජපානයේ ටෝකියෝ නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් තරගාවලියට සහභාගි නොවන බව ප්‍රකාශයට පත්කළ පළමු රට කැනඩාව වීමය.

මෙලෙස තරගාවලි කල්දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆෝමියුලා I සමූහයේ (ෆෝමියුලාර් 1 ලෝක ශූරතාවලියේ සංවිධායකයන්) සභාපති චේස් කේරි මහතා කියා සිටියේ මෙවර (2020) ගෝන් ප්‍රී තරග වාරය නව කාල සටහනකට අනුව ගිම්හාන කාලය අවසානයේ සිට යළිත් පෙළගැස්විය යුතු බවයි.


-036


අදහස් (0)

ගෝන් ප්‍රී තරගාවලි 7 ක් කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.