Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් 6 මින්නේරියේදී

ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් 6 මින්නේරියේදී

ශානුක අරවින්ද - 2019 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ඔක්තෝබර් මස 6 වැනිදා පෙරවරු 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව්ද සමගින් ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට යතුරුපැදි තරග සහ මෝටර් රථ තරග 12 බැගින් ඇතුළත් වේ. දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද ඇතුළුව තරගකරුවන් 200 ක් පමණ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.  

ඉකුත් වසරේ (2018) පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉවෝන් බියාජි ගුරුසිංහද සම්මාන දිනාගත්හ.

මෙතෙක් පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි 13 දී වැඩිම වාර ගණනක් (2004, 2005, 2006, 2007, 2013 සහ 2017 යන වසරවලදී) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනා තිබේ. වැඩිම වාර ගණනක් (2012, 2013, 2014 සහ 2015 වසරවලදී) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාසය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර අයි.සී.ඒ.එන්. ඇඞ්වර්ටයිසින්, ඇක්සස් ඉන්ජිනේරු, සියැට් කැලණි, බ්‍රවුන්ස් සහ අලියා සිසිල් බීම යන සමාගම් එහි සම අනුග්‍රහකයෝ ලෙස කටයුතු කරති.

යුද්ධයේදී ආබාධිත තත්වයන්ට පත් වූ සහ දැනට සේවයේ නිරතව සිටින කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ අරමුණ බව සංවිධායකයෝ පවසති.


අදහස් (0)

ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් 6 මින්නේරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.