Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය 1 වැනිදා සාලියපුරදී

ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය 1 වැනිදා සාලියපුරදී

ශානුක අරවින්ද - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 18 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සැප්තැම්බර් මස 1 වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.

සියැට් - ස්ලාඩා ශූරතාවලියේ දෙවැනි තරගාවලිය ලෙස මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වෙන අතර මේ වන විටත් මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 240 ක් පමණ ලියාපදිංචි වී සිටිති.

දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ මෝටර් රථ ඉසව් 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්.එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි ඉසව් 2 ද සමගින් ඉසව් 24 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ ඉසව් 12 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් ඇතුළත්ය.

කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉකුත් වසරේ (2018) පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායකද සමත් වූහ.

යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූ, අතුරුදහන් වූ සහ විවිධ අබාධයන්ට ලක් වූ රණවිරුවන්ගේ පවුල්වල සහ දැනට සේවයේ නිරතව සිටින ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසති.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එයාර් වොයිස් වයර්ලස් සමාගම කටයුතු කරන අතර සිංගර්, හච් සහ සියැට් යන සමාගම් සහ ලංකා පෞද්ගලික රෝහල එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරති.

 

එයාර් වොයිස් වයර්ලස් සමාගමේ ප්‍රධාන විධායක නලින් හේරත් මහතා විසින් මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව..
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක

 


අදහස් (0)

ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය 1 වැනිදා සාලියපුරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.