Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝලිගේ පිතිහරඹය ඉන්දියාවට ජය ගෙනෙයි

කෝලිගේ පිතිහරඹය ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2019 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක විරාට් කෝලිගේ වේගවත් පිතිහරඹය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කීරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු එම ඉලක්කය පසුකර ගිය අතර වේගවත් පිතිහරඹයක නිතර වූ කෝලි, පන්දු 50 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 94 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
 
මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රොහිත් ශර්මා ලකුණු 8 කට දැවී ගිය අතර එතැන් පටන් ලොකේෂ් රාහුල් (62) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 61 කදී ලකුණු 100 ක්ද, රිෂාබ් පාන්ට් (18) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 17 කදී ලකුණු 58 ක්ද එක් කිරීමට කෝලි සමත් විය.

පන්දු 40 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 9 කදී වාර්තා වූ පාන්ට්ගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය. නායක කිරන් පොලාඞ්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ශ්‍රෙයාස් අයියර් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 207 ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් එවින් ලුවිස් (40) සහ බ්‍රෙන්ඩන් කිං (31) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 17 කට මුහුණදුන් ලුවිස් හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 23 කට මුහුණදුන් බ්‍රෙන්ඩන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 41 කදී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

නායක කිරන් පොලාඞ් පන්දු 19 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 37 ක්ද, ජේසන් හෝල්ඩර් පන්දු 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 24 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 207
(එවින් ලුවිස් 40, බ්‍රෙන්ඩන් කිං 31, ශිම්රන් හැට්මෙයර් 56, කිරන් පොලාඞ් 37, ජේසන් හෝල්ඩර් නොදැවී 24, යුස්වේන්ද්‍ර චාහල් 36/2)

ඉනදීය පිල - ඕවර 18.4 කදී කඩුලු 4 කට 209
(ලොකේෂ් රාහුල් 62, විරාට් කෝලි නොදැවී 94, රිෂාබ් පාන්ට් 18, ඛාරි පෙයිරි 44/2)

-036

 


අදහස් (0)

කෝලිගේ පිතිහරඹය ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.