Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝලි - පාණ්ඩේ ඉන්දියාව දිනවති

කෝලි - පාණ්ඩේ ඉන්දියාව දිනවති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක විරාට් කෝලි (82) සහ මනීෂ් පාණ්ඬේ (නොදැවී 51) එක්ව පන්දු 78 කදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 119 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ප.බුම්රා 17
උපුල් තරංග - ප.බුවනේශ්වර්  5
ඩිල්ෂාන් මුණවීර - ප.යාදව්  53
ඇන්ජලෝ මැතිව්ස් -  ඇ.දෝනී ප.චාහල් 7
අශාන් ප්‍රියංජන් - නොදැවී 40
තිසර පෙරේරා - ප.චාහල්  11
දසුන් ශානක - ක.මු. කළා ප.චාහල්  0
සීක්කුගේ ප්‍රසන්න - ඇ.දෝනී ප.යාදව් 11
ඉසුරු උදාන - නොදැවී 19
අතිරේක (පා-4, ව-3) 7
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී     170
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
අකිල ධනංජය සහ ලසිත් මාලිංග
කඩුලු වැටීම 
1-23 (තරංග), 2-46 (දික්වැල්ල), 3-62 (මැතිව්ස්), 4-99 (මුණවීර), 5-113 (තිසර), 6-113 (ශානක), 7-134 (සීක්කු)
පන්දු යැවීම
බුවනේශ්වර් කුමාර් 4-0-36-1  
ජස්ප්‍රීත් බුම්රා 4-0-38-1 ව-2
යුස්වින්ද්‍රදර් චාහල් 4-0-43-3 ව-1
අක්ෂාර් පටේල්  4-0-29-0  
කුල්දීප් යාදව් 4-0-20-2  
ඉන්දියාව 
රෝහිත් ශර්මා - ඇ.පෙරේරා ප.මාලිංග 9
ලෝකේෂ් රාහුල් - ඇ.ශානක ප.සීක්කු 24
විරාට් කෝලි - ඇ.ශානක ප.උදාන 82
මනීෂ් පාන්ඩේ - නොදැවී  51
මහේන්ද්‍ර සිං දෝනි - නොදැවී  1
අතිරේක (බ-1, ව-5, නි-1) 7
එකතුව ඕවර 19.2 කදී කඩුලු 3 ක් දැවී     174
කඩුලු වැටීම 
1-22 (ශර්මා), 2-42 (රාහුල්), 3-161 (කෝලි)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
කේදර් ජාදව්, අක්ෂාර් පටේල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, යුස්වින්දර් චාහල් සහ කුල්දීප් යාදව්
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 3-0-33-0  
ඉසුරු උදාන 4-0-36-1 ව-3
ලසිත් මාලිංග 4-0-31-1 ව-1, නි-1
සීක්කුගේ ප්‍රසන්න 3-0-25-1 ව-1
අකිල ධනංජය 4-0-28-0  
තිසර පෙරේරා 1.2-0-20-0  

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. තිසර පෙරේරා යැවූ අවසන් ඕවරයේ දෙවැනි පන්දුව හතරේ සීමාව වෙත යැවූ මනීෂ් පාණ්ඬේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය. පන්දු 36 කදී වාර්තා වූ පාණ්ඬේගේ මංගල විස්සයි20 අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් සිය 17 වැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලි, තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ගැසූ වේගවත් පහරකින් ඉහළ ගිය පන්දුව ඩීප් මිඞ්විකට් කළාපයේ හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි දසුන් ශානකගේ දෑත් අතර සිරවීමත් සමග කෝලිගේ වේගවත් ඉනිම නිමාවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ලකුණු 9 ක් ලබා සිටි ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් වූයේ තිසර පෙරේරාගේ සහායද ඇතිවය. සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් ගැසූ කවර් ඩ්‍රයිව් පහරින් ඉහළින් ඇදී ගිය පන්දුව අගනා උඩ පන්දුවක් බවට පරිවර්ථනය කරගැනීමට දසුන් ශානක සමත් වීමත් සමග රාහුල්ගේ ඉනිම ලකුණු 24 කට සීමා විය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබාගත් අතර ශ්‍රී ඉනිමේ පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අශාන් ප්‍රියංජන්, ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කළේය.

ඉසුරු උදාන (නොදැවී 19) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 36 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ප්‍රියංජන් සමත් විය. පන්දු 10 කදී වාර්තා වූ උදානගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

පන්දු 29 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් ඩිල්ෂාන් මුණවීර, සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය. මුහුණදුන් පළමු පන්දුවටම හතරේ පහරකින් සංග්‍රහ කළ මුණවීර එතැන් පටන් ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහරදෙමින් වේගයෙන් ලකුණු රැස්කළේය. කඩුල්ල වෙත පැමිණි කුල්දීප් යාදව්ගේ පන්දුවකට හරවා පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී පිත්ත ලිස්සා යෑම නිසා මුණවීරට ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව යාමට සිදුවිය.

මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක උපුල් තරංග පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. බුවනේෂ්වර්ගේ ‘ඉන් ස්විග්’ පන්දුව කඩුල්ලේ දැවටීමත් සමග තරංගගේ ඉනිම ලකුණු 5 කට සීමා විය.

ජස්ප්‍රීත් බුම්රා යැවූ පළමු ඕවරයේ පන්දු 3 ක් පිට පිටම හතරේ සීමාව කරා යවමින් සාර්ථක ආරම්යක් ලබාගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් වුවද, බුම්රාගේම පන්දුවක් හමුවේ අනවබෝධයෙන් ගැසූ පහරක් නිසා ඔහුට නිකරුණේ කඩුල්ල පූජා කිරීමට සිදුවිය.

ඉන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර යුස්වින්දර් චාහල්ගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි විසින් ස්ටම්ප් කිරීමකට හසුකරගනු ලබන විට මැතිව්ස් ලබා සිටියේ ලකුණු 5 ක් පමණි.

යුස්වින්දර් චාහල්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම නිසා ලකුණු 11 ක් ලබා සිටි තිසර පෙරේරාට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූ අතර එම ඕවරයේම අවසන් පන්දුවේදී දසුන් ශානක (00) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමටද චාහල් සමත් විය.

 

ශ්‍රී ලංකා - ඉන්දීය විස්සයි20 තරගයේ විශේෂ අවස්ථා..

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

කෝලි - පාණ්ඩේ ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.