Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලට ලකුණු 23 ක ජයක්

කොදෙව් පිලට ලකුණු 23 ක ජයක්

editorial - 2019 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුමඃ රොෂාන් ගුණරත්න)

ඕවර 50 - ඇෆ්ඝනිස්තානය 288
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මෙම කණ්ඩායම දෙක සහභාගීවූ අවසන් තරගය වූ අතර තරග 9 කදී ප්‍රසාද ලකුණු 5 ක් හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට පත්විය. තරග 2 ක් ජයගත් කොදෙව් කණ්ඩායම තරග 5 ක් පරාජට පත්වූ අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් විය. සහභාගිවූ තරග 9 පරාජයට පත්වූ ඇෆ්ඝනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයට පත්විය.

මුල් පෙළ පිතිකරුවන් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියද මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඔවුන්ට පරාජය හිමිවිය.

කාලෝස් බ්‍රැත්වේට් කඩුලු 4 ක් සහ කේමාර් රෝච් කඩුලු 3 ක් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන් පිතිකරුවන් මෙල්ල කරමින් කොදෙව් පිලට ජයග්‍රහණය ගෙනදීමට සමත්වූහ.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 92 කදී ලකුණු 77 ක් රැස්කළ ශායි හෝප් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

------------------------------------------------------------------------------------------------------------------------

දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටෙයි

ඕවර 30 - ඇෆ්ඝනිස්තානය 155/2
රහ්මට් ෂා සහ ඉක්‍රාම් අලිඛිල් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 133 ක සම්බන්ධතාවය අවසන් කිරීමට කාලෝස් බ්‍රැත්වේට් සමත්විය. ලකුණු 62 ක් රැස්කරසිටි රහ්මට් ෂා ක්‍රිස් ගේල් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 78 කට මුහුණදී හතරේ පහර 10 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

ඇෆ්ඝනිස්තානයට ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී තවත් ලකුණු 157 ක් අවශ්‍යවේ.

අවසන් ඕවර 10 තුලදී කඩුල්ලක් අහිමිකරගත් ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම ලකුණු 54 ක් රැස්කරමින් ජයග්‍රහණය කරා සෙමින් සෙමින් පියවර තබන්නේය.

පන්දු 57 කදී සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට ඉක්‍රාම් අලිඛිල් සමත්විය.

------------------------------------------------------------------------------------------------------------------------

රහ්මට් - ඉක්‍රාම් සාර්ථක සම්බන්ධතාවයක

ඕවර 20 - ඇෆ්ඝනිස්තානය 101/1
මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින රහ්මට් ෂා සහ ඉක්‍රාම් අලිඛිල් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමමින් පවති.

පන්දු 57 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් 15 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයද ලබාගැනිමට රහ්මට් ෂා සමත්විය.

ඇෆ්ඝනිස්තානයට ජයග්‍රහණය සඳහා ඕවර 30 කදී ලකුණු 211 ක් අවශ්‍යවේ.

------------------------------------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානය මන්දගාමී ලකුණු රැස්කිරීමක

ඕවර 10 - ඇෆ්ඝනිස්තානය 44/1
ඇෆ්ඝනිස්තාන ලකුණු පුවරුව 5 ක් වනවිට පළමු කඩුල්ල ලෙස ගුල්බදීන් නයිබ් පිටියේන ඉවත් කිරීමට කෙමාර් රෝච් සමත්විය.

මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින රහ්මට් ෂා සහ ඉක්‍රාම් අලිඛිල් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 44 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පවති.

------------------------------------------------------------------------------------------------------------------------

ඇෆ්ඝනිස්තානයට ලකුණු 312 ක ඉලක්කයක්

ඕවර 50 - බටහිර ඉන්දීය කොදෙව් 311/6

නිකලස් පූරන් සහ ජේසන් හෝල්ඩර් එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 69 කදී ගොඩනැගූ ලකුණු 105 ක සම්බන්ධතාවය හේතුවෙන් කොදෙව් පිලට ලකුණු 300 සීමාව පසුකිරීමට අවස්ථාව හිමිවිය.

සිය ජාත්‍යන්තර එක්දින දිවියේ දෙවැනි අර්ධ ශතකය පන්දු 40 කදී ලබාගත් නිකලස් පූරන් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවන විට ලකුණු 58 ක් රැස්කර සිටියේය. පන්දු 43 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

නිකලස් පූරන්ට අනගි සහයක් ලබාදුන් නායක ජේසන් හෝල්ඩර් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.

අවසන් ඕවර 10 තුලදී කඩුලු 2 ක් අහිමිකරගත් කොදෙව් කණ්ඩායම ලකුණු 111 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්තානයට දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

------------------------------------------------------------------------------------------------------------------------

ශායි හෝප් ලකුණු 77 කට දැවී යයි

ඕවර 40 - බටහිර ඉන්දීය කොදෙව් 200/4

ලකුණු 77 ක් රැස්කර සිටි ශායි හෝප් දවාගැනීමට මොහොමඞ් නබී සමත්විය. පන්දු 92 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 65 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ශායි හෝප් සහ ශිම්රන් හෙට්මයර් සමත්වූහ.

------------------------------------------------------------------------------------------------------------------------

කොදෙව්වෝ සාර්ථක ලකුණු රැස්කිරීමක

ඕවර 30 - බටහිර ඉන්දීය කොදෙව් 147/2
අවසන් ඕවර 10 තුලදී කඩුල්ලක් අහිමිකරගත් කොදෙව් පිතිකරුවෝ ලකුණු 61 ක් රැස්කරමින් සාර්ථක පිතිහරඹයක නිරත වෙති.

දෙවැනි කඩුල්ල සඳහා එවින් ලෙවිස් සහ ෂායි හෝප් එක්ව පැවැත්වූ ලකුණු 88 ක සම්බන්ධතාවය බිඳහෙළීමට රෂීඞ් ඛාන් සමත්විය. පන්දු 78 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීමට එවින් ලෙවිස් සමත්විය.

පන්දු 65 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ෂායි හෝප් ඒ අනුව ජාත්‍යන්තර එක්දින දිවියේ 13 වැනි අර්ධ ශතකය ලබාගත්තේය.

------------------------------------------------------------------------------------------------------------------------

එවින් ලෙවිස්ගෙන් අර්ධ ශතකයක්

ඕවර 20 - බටහිර ඉන්දීය කොදෙව් 86/1

පන්දු 62 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ එවින් ලෙවිස් ඒ අනුව ජාත්‍යන්තර එක්දින දිවියේ පස්වැනි අර්ධ ශතකය ලබාගත්තේය.

මේ වනවිට දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට එවින් ලෙවිස් සහ ෂායි හෝප් සමත්වූහ.

අවසන් ඕවර 10 තුලදී කඩුල්ලක් ලබානොදුන් කොදෙව් පිතිකරුවෝ ලකුණු 43 ක් ලබාගැනීමට සමත්වූහ.

------------------------------------------------------------------------------------------------------------------------

ක්‍රිස් ගේල් ලකුණු 7 කට දැවී යයි

ඕවර 10 - බටහිර ඉන්දීය කොදෙව් 43/1
මන්දගාමී ලකුණු රැස්කිරීමට නිරතවන කොදෙව් පිලට ඕවර 10 ක් අවසන්වන විට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 43 ක් පමණි.

ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 7 කට දවාගත් දවලත් සඩ්‍රාන් තරගයේ මුල් ඕවර 10 තුලදී කොදෙව් පිලට තර්ජනයක් ඇති කිරීමට සමත්විය.

------------------------------------------------------------------------------------------------------------------------

කොදෙව්වෝ පන්දුවට පහරදීමට තීරණය කරති

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ඝනිස්තානය අතර ලීඞ්ස්හිදී අද (4 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය.


කොදෙව් කණ්ඩායම
ක්‍රිස් ගේල්, එවින් ලෙවිස්, ෂායි හෝප්, ශිම්රන් හෙට්මියර්, නිකලස් පූරන්, ජේසන් හෝල්ඩර් (නායක), කාලෝස් බ්‍රැත්වේට්, ෆේබියන් ඇලක්, ශෙල්ඩන් කොට්ටේ‍රල්, කෙමාර් රෝච්, ඔෂේන් තෝමස්.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම
රහ්මට් ෂා, ගුල්බදින් නයිබ් (නායක), අස්ඝර් ඇෆ්ඝන්, මොහොමඞ් නබී, සිමිවුල්ල ශින්වාරී, නජිබුල්ලා සඩ්‍රාන්, ඉක්‍රම් අලිඛීල්, රෂීඞ් ඛාන්, දවලත් සඩ්‍රාන්, සයිඞ් ශිර්සාඞ්, මුජීබ් උර් රහ්මන්.


අදහස් (0)

කොදෙව් පිලට ලකුණු 23 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.