Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාසියේ වාසියේ අර්බුදය නිමාවෙයි

කාසියේ වාසියේ අර්බුදය නිමාවෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය බදාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එකම විස්සසි-20 තරගයේදී කාසියේ වාසිය සම්බන්ධයෙන් ඇතිව තිබූ අර්බුදය නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ටිව්ටර් ගිණුම  ඔස්සේ වීඩියෝ පටයක් මුදාහැරීමෙනි.

මෙම තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව එය දිනාගත්තේ විරාට් කෝලි යයි පැවසුණද පසුව යූ ටියුබ් ජාලයේ තිබූ වීඩියෝවකින් ඒ ගැන ප්‍රශ්න කෙරිණ.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි විරාට් කෝලි ‘හෙඞ්ස්’ කියා ඉල්ලා සිටියද විරාට් කෝලි ඉල්ලා සිටියේ ‘හෙඞ්ස්’ මද යන්න ස්ථිර කිරීමට තීරකවරයාගේ කටහඬ උස් නොවේ. එහෙත් එම අවස්ථාවේදී පිටිය මැද සිටි රූපවාහිනී නිවේදකයා වූ මුරලි කාර්තික් කාසියේ වාසිය දිනාගත්තේ විරාට් කෝලි යයි කියමින් ඔහුගේ තෝරාගැනීම විමසීමට යද්දී සිම්බාබ්වේ ජාතික තරග තීරකවරයා වූ ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා වික්ෂිප්තව බලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැමිණිල්ලක් කළ බවට වාර්තා වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (9 වැනිදා) සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කළ වීඩියෝවකින් ප්‍රශ්නය අවසන් කර තිබේ.

“තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ‘හෙඞ්ස් ඉන්දියා’ යයි නිවැරදිව එය නම්කළා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් පණිවුඩයක සඳහන් වී තිබිණ.

 


අදහස් (0)

කාසියේ වාසියේ අර්බුදය නිමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.