Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජයගනී

ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජයගනී

editorial - 2019 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඕස්ට්‍රේලියානු පිල අතර සදම්ටන්හිදී අද (27) පැවැති පුහුණු තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් ලැබූහ.  

ඕස්ට්‍රේලියානු පිල ලකුණු 240 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 44.5 කදී කඩුලු පහක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

උස්මන් කවාජා පන්දු 105 කින් හතරේ පහර තුනක් සමගින් ලකුණු 89 ක් රැස් කළේය.

උස්මන් කවාජා සහ ෂෝන් මාෂ් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 80 සම්බන්ධතාව නිසා ඉලක්කය පහසු විය.

ඒරන් ෆින්ච් ලකුණු 11 ලබා සිටියදී නුවන් ප්‍රදීප් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමෙන් ආරම්භය අසාර්ථක විය.

ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා හත්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 64 ක සම්බන්ධතාව නිසි පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ලකුණු 239 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.

ධනංජය ද සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 41 කින් ලකුණු 43 ක් රැස් කළේය. එයට හතරේ පහර 4ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් (24) සහ ඇන්ජලෝ මැතිව්ස් (12) දිගු ඉනිම ක්‍රියාත්මක කිරීමට අසමත් වීමෙන් ඉනිම අඩපණ විය.

ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කිරීමට සමත් වූහ. එහිදී ඇඩම් සම්පා පෙරමුණ ගනිමින් ලකුණු 39 කට කඩුලු දෙකක් දවාගත්තේය.   

ළහිරු තිරිමාන්න පන්දු 69 කදී හතරේ පහර හතක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය. නේතන් ලයන් සුළු දඟ කැවීමක් සමඟ යැවූ පන්දුව තිරිමාන්නගේ පිත්ත සහ පා ආවරණයත් අතරින් කඩුල්ල සොයා යෑමෙන් දැවී ගියේය.

මෙම තරගාවලියේදී වැඩි බලාපොරොත්තු තබා සිටින කුසල් පෙරේරා පන්දු 19 කින් ලකුණු 12 ක් ලබා සිටියදී ග්ලෙන් මැක්ස්වෙල් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

නායක දිමුත් කරුණාරත්න පන්දු 36 කින් ලකුණු 16 ක් ලබා සිටියදී කඩුලු රකින ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය. එය දැවී යෑමක් නොවන බවට විනිසුරු තීරණය කළ ද විනිසුරු තීරණ නැවත විමසීමට යොමු කිරීමෙන් පන්දුව පිත්තේ යාන්තමින් ගෑවී යන බව සනාථ විය.

තිරිමාන්න සහ දිමුත් අතර පළමු කඩුල්ලට පන්දු 59 කින් ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.  
ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිකරු ඬේවිඞ් වෝනර් මෙම තරගයෙන් විවේක ගන්වා තිබේ.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ලබන 1 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතය.   

 

- 048


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.