Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව 1 ට - ශ්‍රී ලංකාව 31 වැනි තැනට

ඕස්ට්‍රේලියාව 1 ට - ශ්‍රී ලංකාව 31 වැනි තැනට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩාව කුමක් වූවත් ඒ සෑම තැනකදීම ලෝකයේ අංක 1 සොයා යන ඕස්ට්‍රේලියානුවෝ ඊයේ (15 වැනිදා) නිමාවූ 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදීත් තමන්ගේ ආධිපත්‍යය විදහා පාමින් ක්‍රීඩා උළෙලේ ශූරයෝ ලෙස අබිසෙස් ලැබූහ. ක්‍රීඩා 23 කින් සමන්විත වූ ගෝල්ඞ් කෝස්ට් උළෙලේදී රන් පදක්කම් 80 ක් දිනාගත් ඕස්ටේ්‍රලියාව රිදී පදක්කම් 59 ක් සහ ලෝකඩ පදක්කම් 59 ක් සමගින් පදක්කම් 198 ක් දිනාගත්තේය.

රන් පදක්කම් 45 ක් දිනාගත් එංගලන්තයට ක්‍රීඩා උළෙලේ දෙවැනි ස්ථානයත් රන් පදක්කම් 26 ක් දිනාගත් ඉන්දියාවට තුන්වැනි ස්ථානයත් හිමිවිය.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 ක් සහ නිලධාරීන් 39 ක් සහභාගි වූ නමුත් දිනාගත හැකිවූයේ පදක්කම් හයක් පමණි. ශ්‍රී ලංකාවට හිමිවූයේ තරගාවලියේ 31 වැනි ස්ථානයයි.

දිනාගත්තේ පදක්කම් දෙකක් පමණක් වන නමුත් බංග්ලාදේශය තරගාවලියේ 30 වැනි ස්ථානය හිමිකරගත්තාය. ඊට හේතුව බංග්ලාදේශයේ පදක්කම් දෙකම රිදී පදක්කම් වන බැවිනි.

 

තරගාවලියේ පදක්කම් සටහන පහත පරිදි වේ.

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව 1 ට - ශ්‍රී ලංකාව 31 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.