Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් සුදුසුකම් සොයා චීනයට යති

ඔලිම්පික් සුදුසුකම් සොයා චීනයට යති

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ ජපානයේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා වන ආසියානු කාන්තා රග්බි තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා රග්බි සත් සාමාජික කණ්ඩායම අද (6 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම මස 9 සහ 10 යන දිනවල චීනයේ ගුවැන්ෂු නගරයේදී පැවැත්වේ.

ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව මූලික වටයේදී චීනය, හොං කොං සහ දකුණු කොරියාව සමග තරග වැදීමට නියමිතය. ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම සඳහා අසීරු සටනකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික පිලට සිදුවනු ඇත.

සත්කාරක රට වන හෙයින් ඔලිම්පික් උළෙල සඳහා ජපානය නිතරගයෙන්ම සුදුසුකම් ලබයි. මේ වසරේදී පැවැත්වෙන ලෝක රග්බි සත් සාමාජික තරග මාලාවේ හොඳම කණ්ඩායම් හතරද ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනී. සෙසු කණ්ඩායම් අන්තර්ජාතික සත් සාමාජික තරගාවලිය අවසන් වීමෙන් පසු ඒ ඒ මහද්වීප වලින් තෝරා ගැනේ.

ඔලිම්පික් තරගාවලිය සඳහා ආසියාවෙන් සුදුසුකම් ලබා ගන්නා කාන්තා කණ්ඩායම චීනය වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වෙයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු හා දෙවන අදියර දෙකේදී දැක්වූ දුබලතා නිසා සුදත් සම්පත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සාලිය කුමාර පත් කෙරිණි. ඔවුන් 2019 ආසියානු සත් සාමාජික තරගමාලාවේ අට දෙනෙකුගෙන් යුත් තරගාවලියේදී හයවන ස්ථානයට පත්වීම නිසා ඊළඟ තලයට නොවැටී බේරුණේ යන්තමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම
අනූෂා අත්තනායක, අනුෂිකා සමරවීර, දසුනි ද සිල්වා, දිලිනි කාංචනා, දුලානි පල්ලිකොන්දගේ, කුමාරි දිල්රුක්ෂි, නදීකා මුණසිංහ, නිපුනි රසාංජනී, රන්දිකා කුමුදුමාලි, සානිකා දිලානි මුත්තුසාමි, සංජීවනි ද සිල්වා සහ උමයංගනා තත්සරණි

නිලධාරීන්
සාලිය කුමාර (ප්‍රධාන පුහුණුකරු), ශිරානි රූපිකා (කළමනාකාරිනිය), රුවනි දීපිකා (වෛද්‍ය සහායිකා) සහ  මාස් ශාෆින් (භෞත චිකිත්සක)

ඒ කාණ්ඩය
චීනය, හොංකොං, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව

බී කාණ්ඩය
තායිලන්තය, සිංගප්පූරුව, කසකස්ථානය සහ පිලිපීනය

නොවැම්බර් 9 (පළමු දිනය)
■ශ්‍රී ලංකාව  සහ හොංකොං අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.14 ට
■ශ්‍රී ලංකාව  සහ දකුණු කොරියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.08 ට

නොවැම්බර් 10 (දෙවන දිනය)
■ශ්‍රී ලංකාව සහ චීනය අතර තරගය තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට

 


අදහස් (0)

ඔලිම්පික් සුදුසුකම් සොයා චීනයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.