Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඒ කාණ්ඩයේ පෙරමුණට තියුණු සටනක්

ඒ කාණ්ඩයේ පෙරමුණට තියුණු සටනක්

editorial - 2019 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තය සහ සැමෝවා අතර අද (30) පැවැති ලෝක කුසලාන රග්බි තරගයෙන් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු 34-0 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයෙන් ස්කොට්ලන්තය අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගැනීමත් සමඟ එම කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක බවට පත්වීමට තියුණු සටනක් නිර්මාණය වී තිබේ.

ස්කොට්ලන්තය මේ වන විට තරග දෙකකට සහභාගි වී තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 5 ක් සමගින් ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

සත්කාරක ජපානය මේ දක්වා පෙරළිකාරයන් වෙමින් සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් සමගින් එම කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටියි. ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම ජපානය හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජයත් සමඟ තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.

සැමෝවා පිල ද තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 5 ක් සමගින් සිවුවැනි ස්ථානයේ සිටීම වඩාත් කැපී පෙනේ.
මෙම තත්ත්වය හමුවේ එම කාණ්ඩයේ ඉදිරි තරග පහ වඩාත් තීරණාත්මක වී තිබේ.

ජයග්‍රාහි ස්කොට්ලන්ත පිල ගෝල හතරකින්, දඩුවම් පහරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු 34 රැස් කළේය. ස්කොට්ලන්තය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20 ක් රැස්කර සිටියේය.
 

 

- 048


අදහස් (0)

ඒ කාණ්ඩයේ පෙරමුණට තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.