Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එෂාන් ඇබ්සොලියුට් පිල හා එක්වෙයි

එෂාන් ඇබ්සොලියුට් පිල හා එක්වෙයි

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ ෆෝර්මියුලා III ආසියානු තරගාවලියේ සිවුවැනි ස්ථානය හිමි කරගත් ශ්‍රී ලාංකා ක්‍රීඩක එෂාන් පීරිස්, මීළඟ පෝර්ෂ් කරේරා කුසලාන තරගාවලියේදී ‘ඇබ්සොලුට් රේසිං කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. ඒ අනුව 2020 වසරේ මෝටර් රථ තරග සඳහාද එෂාන්, ඇබ්සොලියුට් රේසිං කණ්ඩායම නියෝජනය කරමින් තරග කරනු ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී මැලේසියාවේ සේපැන්ග් ධාවන පථයේදී පැවැති ආසියානු ශීත සෘතු  තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර කාර්ටින් තරගාවලි රැසක් ජයග්‍රහණය කර ඇති 21 හැවිරිදි එෂාන්, ලබන අප්‍රේල් මාසයේ වියට්නාමයේදී පැවැත්වෙන පෝර්ෂ් කරේර කුසලාන තරගාවලියේදී පළමු වටය සඳහා නම් කර ඇති පළමු ක්‍රීඩකයා වේ.

සිය නව කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් එෂාන් පීරිස් පැවසුවේ ඇබ්සොලියුට් රේසිං කණ්ඩායම නියෝජනය කරමින් ජී.ටී. මෝටර් රථ තරගවලට අවතීර්ණ වීමට ලැබීම පිළිබඳව තමා ඉමහත් සතුටට පත්වන බවයි. එසේම 2020 පෝර්ෂ් කරේ කුසලාන ආසියානු තරගාවලිය ආරම්භවන තුරු තමා නොඉවසිල්ලෙන් බලා සිටින බවද එහිදී ඔහු කියා සිටියේය.

“ෆෝමියුලා III තරග බිමේදී මා ලද අත්දැකීම් අනුව මගේ ඇබ්සොලියුට් රේසිං කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ලැබීම මහත් භාග්‍යයක්. එනිසාම මම ජී.ටී. මෝටර් රථ තරගවලදී එම කණ්ඩායම සමග ක්‍රීඩා කරන්නේ ඉතාමත් සතුටින්,” යැයි එෂාන් පැවසුවේය.

පෝර්ෂ් කරේරා කුසලාන තරගාවලියේ ආරම්භයේ සිටම අණසක පැතිරවීමට ඇබ්සොලියුට් රේසිං කණ්ඩායමේ සාමාජිකයන් සමත් වී ඇති අතර පසුගිය වසරේදී ඔවුන් විසින් සමස්ත ශූරතාව මෙන්ම අර්ධ වෘත්තීමය කාණ්ඩයේ ශූරතාවද හිමිකර ගනිමින් දස්කම් දැක්වූහ.


අදහස් (0)

එෂාන් ඇබ්සොලියුට් පිල හා එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.