Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එදා ගිවිසුම් ගැහැව්වා නම් දැන් ගැලවෙන්න

එදා ගිවිසුම් ගැහැව්වා නම් දැන් ගැලවෙන්න

යොහාන් භාසුර - 2019 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානීන් ගිවිසුම්වලට එළැඹියේ නම් එම ගිවිසුම්වලින් ඉවත්වීමටත් ඔවුන්ට හැකියාව තිබිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පැවසීය. 

ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පුහුණුකරු හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.  

“හතුරුසිංහ මැතිතුමා වෙනුවෙන් ඉල්ලීමක් ක්‍රිකට් ආයතනය කරලා තිබුණා. සිකුරාදා මම සම්පූර්ණයෙන් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවුණා. පැය එකහාමාරක් දෙකක් විතර ඉතාමත්ම හොඳ සාර්ථක සාකච්ඡාවක් කෙරුණා. එතුමන්ලා ඉල්ලීමක් කළා කාලයක් දෙන්න පුළුවන් ද හතුරුසිංහ මැතිතුමාට නවසීලන්ත සංචාරයත් ඉවර කරන්න” 

“මම කිව්වා මගේ ඒකෙ ගැටලුවක් නෑ. හැබැයි අර මම ඉල්ලපු විදියට රීනොගොෂියේට් එක කොහොමද කරන්නේ. දැන් එයාට ඩොලර් 40,000 ක් ගෙවනවා නම් අපිට 25,000 කට හෝ 20,000 කට බස්සලා දිනන දිනන විදියට ගෙවීමේ ක්‍රමය හදන එක හොඳ නැද්ද කියන එක. ක්‍රීඩකයන්ටත් මෙගොල්ලන් දැන් පඩි දෙන්නෙ එහෙමනන් ඇයි කෝච්ටත් දෙන්න බැරි කියන එක තමයි මගේ ඉල්ලීම වුණේ”

“පැය 24 ක් ඇතුළත මේ සම්බන්ධයෙන් එක්සිට් ප්ලෑන් එක කියන්නන් කිව්වා. හැබැයි ඒක කිව්වේ නෑ. ඒ නිසා මට ලිපියක් දීලා ඉල්ලීමක් කළා. ඒක හරි මම ඒකට ඇග්රි වුණේ නෑ. දැන් අද මම එතුමන්ලාට ඉල්ලීමක් කරලා යැව්වා එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා පුහුණුකරු හැටියට”

“හැබැයි එතුමාට පු`ඵවන් කැමතිනම් රීනොගොෂියේට් කරන්න. එහෙම නැත්නම් එතුමා උසාවි පැත්තෙන් යනවා නම් හරි ඒක කරන්න සිදුවෙනවා. එතුමා කැමති නැත්නම් මේකට සාධාරණයක් කරන්න. මම හතුරුසිංහ මැතිතුමාත් එක්ක කිසිම තරහරක්, වෛරයක් නොවෙයි මම කියන්නේ සාධාරණව අපි හැම කෙනාටම ඉලක්කයක් දෙන්න ඕනේ. ටාගට් එකක් දෙන්න ඕනේ. එහෙම ටාගට් එකක් නොදී පුහුණුකරුවෙක් කියනවා නම් මට තව මාස 18 ක් තියෙනවා, නෑ තොපිලා ගෙවපන් මේ ගානම කියලා. ඒක සාධාරණද?”

“අපි පූර්වාදර්ශයක් තියෙන්න ඕනෙ. ක්‍රිකට් ආයතනයේ එවකට හිටපු කට්ටිය තමන්ට ඕන විදියට ඇග්රිමන්ට් ගැහුවනන්, ඇග්රිමන්ට් ගලවා ගන්නත් ඒගොල්ලන් දැනගන්න ඕනේ” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 

අමාත්‍යවරයා එසේ පැවසුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් එළඹි ගිවිසුමක් නව නිලධාරීන්ට වෙනස් කළ හැකිද යන්න නීතිමය ප්‍රශ්නයකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ හතුරුසිංහ මහතා සහ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුමට අනුව හතුරුසිංහ ඉවත්කිරීමේ ඉඩක් ඇති බවයි. 

“අපිට ඔහුව ඉවත් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද මෙය අවසන් කරනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

තමන් පුහුණුකරු ධූරයෙන් ඉවත් නොවන බවත් ඉවත් කළහොත් තමන්ට ඉදිරි මාස 16 කට වැටුප ලැබිය යුතු යන ස්ථාවරයේ හතුරුසිංහ මහතා ඊයේ පෙරවරුව දක්වා සිටි බවත් වාර්තා වේ.      

 


අදහස් (1)

එදා ගිවිසුම් ගැහැව්වා නම් දැන් ගැලවෙන්න
  • Calvin Tuesday, 06 August 2019 09:13 PM

    එදා හිටපු කට්ටිය කියන්නේ මොකක්ද ? දැන් ඉන්න අයම තමයි එදා ඔය ගිවිසුම් ගැහුවේ .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.