Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින පිලෙන් නායකයෝ 3 ක් ඉවතට

එක්දින පිලෙන් නායකයෝ 3 ක් ඉවතට

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව  සහ බංග්ලාදේශය අතර මේ මස 23 වැනිදා සිට බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන එක්දින තරගාවලියෙන් දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඉවත් කරනු ලැබ ඇත. කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට පවරා තිබෙන අතර උප නායකයා වශයෙන් කුසල් මෙන්ඩිස් පත්කර තිබේ.

මෑත කාලීන එක්දින තරග වලදී ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) පදනම් කරගනිමින් හිටපු නායකයන් තිදෙනාටම සිය ස්ථාන අහිමි වී තිබේ. ප්‍රවේගකාරී පිතිකරුවකු වන නමුත් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ස්ථානය අහිමිවී ඇත්තේ පිට පිට දෙවැනි වතාවටත් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය වන්නේ විනාඩි 8 කුත් තත්ත්පර 35 ක් තුළදී කිලෝමීටර දෙකක දුරක් එක එල්ලේ දිවයාමයි. එහෙත් මෙම දුර දිවයාම සඳහා අවිශ්කට ගතවී ඇති කාලය විනාඩි 9 තත්ත්පර 30 කට ආසන්න වී ඇතැයි දැනගන්නට තිබේ.

ලබන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම තම තමන්ගේ ක්‍රීඩකයන් අතරම පැවැත්වෙන පුහුණු තරගය මීර්පූර්හි ජාතික ක්‍රිකට් ක්‍රිඩාංණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරග තුන මේ මස 23, 25 සහ 28 දිනවලදී පැවැත්වීමට නියමිතය. තරග තුනම ඩකා නුවර ශ්‍රී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලිය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන ‘එක්දින සුපිරි ලීගය’ ට අයත් තරගාවලියකි. මෙම තරගාවලියේ තරග 3 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිල හමුවේ එම තරග තුනම පරාජය වූ බැවින් මේ වන විට කණ්ඩායම් අතර 12 වැනි ස්ථානයේ සිටී. එහෙත් බංග්ලාදේශයේදීම කොදෙව් පිල 3-0 කින් පරාජය කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ කණ්ඩායම් ලයිස්තුවේ 6 වැනි ස්ථානයේ සිටිති.

 

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

කුසල් ජනිත් පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, චාමික කරුණරත්න, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ෂිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ අකිල ධනංජය


අදහස් (1)

එක්දින පිලෙන් නායකයෝ 3 ක් ඉවතට
  • එරා Monday, 10 May 2021 07:59 PM

    සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතුරින් හඹායාමේදී වේගවත්ම ලකුණු ලබාගැනීම ඇන්ජලෝ සතුවේ. ප්‍රමෝදයට ඒ ගැන දැනීමක් නැති හැඩයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.