Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයේ ජය ක්‍රොඒෂියානුවෝ උදුරා ගනිති

එංගලන්තයේ ජය ක්‍රොඒෂියානුවෝ උදුරා ගනිති

ශනුක අරවින්ද - 2018 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිරේක කාලය තුළදී මාරියෝ මැන්ඞ්සුකික් ලබාගත් විශිෂ්ට ගෝලය නිසා ගෝල 2-1 කින් එංගලන්තය පරදා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව අද (11) සමත් විය. ඒ අනුව මේ මස 15 වැනිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒෂියාව තරග බිමට පිවිසීමට නියමිතය.

අවසන් මහ තරගය කරා පැමිණි ගමනේදී සිය අපරාජිත බව රැක ගැනීමටද ක්‍රොඒෂියානු ක්‍රීඩකයෝ සමත් වූ අතර ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්තාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

දෙවැනි භාගයේ තරගයට අවතීර්ණ වූ ක්‍රොඒෂියා ක්‍රීඩක අයිවන් පෙරිසික් 68 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් ගෝල 1-1 ක් ලෙස තරගය සමකරගත් ක්‍රෝඒෂියාව, අවසන් මහ තරගය පිවිසීමට බලාපොරොත්තුවක් තබා ගත්තේය. තරගයේ 82 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාවට නැවතත් ගොලයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුවද, එංගලන්ත දැල රකින්නාගේ ප්‍රවේසම්කාරී දැල රැකීම හේතුවෙන් තරගයේ අමතර කාලය තෙක් තරගය පවත්වා ගෙන යාමට එංගලන්තයට හැකි විය.

තරගය ආරම්භ වී මිනිත්තු 5 කට පසු එංගලන්තයට හිමිවූ නිදහස් පහර ගෝලයක් බවට පරිවර්ථනය කරගත් කිරන් ටි්‍රපියර්, එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. තරගයේ 29 වැනි මිනිත්තුවේ එංගලන්ත නායක හැරී කේන්ට පහසුවෙන්ම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව පැමිණියත් ක්‍රොඒෂියා දැල රකින්නා එය නවත්වා ගැනිම නිසා පළමු භාගය අවසානයේ ගෝල 1-0 කින් පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි විය.

මෙවර තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ක්‍රොඒෂියාව අපරාජිතවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගනිමින් ක්‍රොඒෂියාවේ පාපන්දු ඉතිහාසය නැවත ලියමින් සිටියි. පළමු වටයේ සහභාගී වූ තරග 3 ම ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් ක්‍රොඒෂියාව එහිදී ඩෙන්මාර්කයට එරෙහිව පැවැති තරගය දඬුවම් පහර 3-2 කින් ජයගනිමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය. සත්කාරක රුසියාවද දඬුවම් පහර 4-3 කින් පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රොඒෂියාව ඊයේ (11) එංගලන්තය අතේ තිබූ තරගයද ගෝල 2-1 ක් ලෙස ජය ගනිමින් ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පළමු වරට අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ගත්තේය.

ප්‍රංශයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වූ බෙල්ජියමත්, ක්‍රොඒෂියාවට එරෙහිව අද පැවැති තරගයෙන් පරාජයට පත්වූ එංගලන්තයත් තෙවැනි ස්ථානය හිමිකර ගැනීමේ අරමුණින් ලබන 14 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

-024


අදහස් (0)

එංගලන්තයේ ජය ක්‍රොඒෂියානුවෝ උදුරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.