Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට 35-03 ක පහසු ජයක්

එංගලන්තයට 35-03 ක පහසු ජයක්

editorial - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා කිසිම අපහසුවකින් තොරව ටොංගා පිල පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ. ජපානයේ සප්පරෝහිදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 35 - 3 ක ජයක් ලබාගත්හ.

එංගලන්ත පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහ 3 කින් ලකුණු ලබාගත් අතර ටොංගා පිලට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහරක් පමණි.

සැමොවාහිදී උපත ලද ක්‍රීඩකයකු වන ටුයිලගායිගේ දස්කම් හේතුවෙන් තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 18 - 03 ක් ලෙසින් එංගලන්තය ඉදිරියේ සිටිමිනි.

හුකර් ක්‍රීඩක ජැමී ජෝර්ජ් සහ අතිරේක ක්‍රීඩක ලූක් කොවෙන්-ඩිකී දෙවැනි අර්ධයේදී ලබාගත් ලකුණු හේතුවෙන් අතිරේක ප්‍රසාද ලකුණු ලබාගැනීමට එංගලන්ත පිලට හැකිවිය. අතිශයන් තරගකාරී තත්ත්වයක් ඇති ‘සී’ කාණ්ඩයේදී මෙම අතිරේක ප්‍රසාද ලකුණු එංගලන්ත පිලට ඉතාමත් වැදගත් වනු ඇත.

ටොංගා පිල හමුවේ විශාල තර්ජනයක් නොතිබූ හෙයින් එංගලන්තය තරග කළේ තම ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගනිමිනි. ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා අවශ්‍ය වන හෙයින් ඉදිරිපෙළ ක්‍රීඩකයන් ආබාධවලට ගොදුරු කර නොගැනීමේ අභිලාෂයෙන් එංගලන්තය තරග කළේය.  

“අපට අද තරමක් වෙහෙස වෙන්නට වුණා. ඒත් තරගය අවසන් වූ ආකරය සම්බන්ධයෙන් නම් ෂතුටක් තියෙනවා” යයි එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පැවසීය.

එංගලන්ත නායක ඔවෙන් ෆැරල්ගෙන් තම පිලට ලකුණු 15 ක් එක්විය. දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත් නායකයා උත්සාහක දිනුම් 3 ක් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමටද සමත් වූයේය.

ටොංගා හිදී උපත ලද ක්‍රීඩකයෝ 20 දෙනෙක් පමණ මෙවර ලෝක කුෂලාන තරගාවලියේදී වෙනත් රටවල් වෙනුවෙන් ක්‍රීඩා කරති. එහෙත් මේ මස මුලදී නවසීලන්තය හමුවේ ලකුණු 92-7 ක පරාජයක් ලද කණ්ඩායමට වඩා බොහෝ දියුණුවක් මේ වන විට ටොංගා පිල ලබා තිබේ.

..


අදහස් (0)

එංගලන්තයට 35-03 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.