Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත නායකයාට තරග තහනමක්

එංගලන්ත නායකයාට තරග තහනමක්

editorial - 2019 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේතුවෙන් එංගලන්ත නායක ඔයින් මෝගන්ට එක් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩමුදලක් අයකර ගැනීමට තරග තීරක රිචී රිචඞ්සන් මහතා තීරණය කළේය. ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය ඔයින් මෝගන්ට අහිමිවී යනු ඇත.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත්ව ඇත.

පාකිස්තානය නියමිත ඕවර 50 තුලදී ලකුණු 358 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු 31 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 කින් තරගය ජයගැනීමට සමත්විය. අමතර කාළයක්ද ප්‍රධානය කිරීම අනතුරුවද ඕවර 2 ක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දණ්ඩ නිතී සංග්‍රහයේ 2.22.1 වගන්තියට අනුව මෙම දඩුවම සහ දඩ මුදල් අයකැ ගැනීමට තරග තීරක රිචී රිචඞ්සන් මහතා තීරණය කළේය.

පසුගිය පෙබරවාරී මාසයේදී කොදෙව් පිලට එරෙහිව බාබඩෝස්හිදී පැවැති එක්දින තරගයකදීද නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාව නොදැමීම හේතුවෙන් ඔයින් මෝගන් දඩුවමට ලක්විය. ඒ අනුව මාස 12 ක කාලයක් තුල මෝගන් දඩුවමට ලක්වු දෙවැනි අවස්ථාව ලෙසද සටහන් වන්නේය. තෙවැනි එක්දින තරගයට ක්‍රීඩාකළ සෙසු ක්‍රීඩකයින් 10 දෙනාටද තරග ගාස්තුවෙන් 20%ක දඩමුදලක් පැණවීමට තරග තීරකවරයා තීරණය කළේය.

 


අදහස් (0)

එංගලන්ත නායකයාට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.