Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උෂාන්ට - ඉවෝන්ට සම්මාන

උෂාන්ට - ඉවෝන්ට සම්මාන

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ ශූරතාවලියේ සම්මාන රාත‍්‍රියේදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරු ලෙස උෂාන් පෙරේරාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉවෝන් බී. ගුරුසිංහද සම්මාන දිනාගත්හ.

ශූරතාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ කාණ්ඩය වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) ශූරතාව දිනාගනිමින් උෂාන් පෙරේරා දක්ෂතම රියැදුරු බවට පත් වූ අතර ප‍්‍රධානතම යතුරුපැදි කාණ්ඩය වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් ශූරතාව දිනාගනිමින් ඉවෝන් බී. ගුරුසිංහ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් විය.

මාලික කුරුවිටාරච්චි සමග එක්ව මෝටර් රථ කාණ්ඩායම් ශූරතාව දිනාගැනීමටද උෂාන් පෙරේරා සමත් වු අතර ඔවුන් දෙදෙනා සියැට් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදිණ. තරිඳු මිහිරක මහතා සියැට් කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සහ ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සමාජය (ඒ. එම්. ආර්. සී.) එක්ව සංවිධානය කළ මෙම සම්මාන රාති‍්‍රය ඉකුත්දා මට්ටක්කුලිය රොක් හවුස් යුද හමුදා කඳවුරේදී පැවැත්විණි.

කුරුණෑගලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියේදී, කුඩාඔයදී පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේදී සහ පන්නල මොටර් රථ ධාවන පථයේදී පැවැති තරගාවලි 2 කදී කී‍්‍රඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්කෙරිණ.

වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරු සහ දක්ෂතම යතුරුපැදිකරු සඳහා පිරිනැමුණ සම්මාන 2 ට අමතරව මෝටර් රථ අංශය සඳහා සම්මාන 6 ක්ද, යතුරුපැදි අංශය සඳහා සම්මාන 3 ක්ද, මෝටර් රථ රැුළි අංශය සඳහා සම්මාන 2 ක්ද පිරිනමන ලදි.

මෝටර් රථ ශූරතා

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ ශූරතාව
යසිත් ගමගේ

ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්දන විද්‍යුත් විසරණ) ශූරතාව
චන්දිම ගුණරත්න

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ ශූරතාව
කුෂාන් පීරිස්

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ ශූරතාව
රන්දික නිරෝෂන්

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ශූරතාව
මයිකල් විජේසූරිය  

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව
උෂාන් පෙරේරා

යතුරුපැදි ශූරතා

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා) යතුරුපැදි ශුරතාව
ශිරාන් සැමුවෙල්

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව
ඉමාල් මංචනායක

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව
ඉවෝන් බී. ගුරුසිංහ

දක්ෂතම මෝටර් රථ රැළි රියැදුරා
සෆ්රාස් ජුනේඞ්

දක්ෂතම මෝටර් රථ රැළි සහායක රියැදුරා
අක‍්‍රී අමීර්

දක්ෂතම මෝටර් රථ රියැදුරා
උෂාන් පෙරේරා

දක්ෂතම යතුරුපැදිකරුවා
ඉවෝන් බී. ගුරුසිංහ


ඡයාරූප - ශානුක අරවින්ද
 

 


අදහස් (0)

උෂාන්ට - ඉවෝන්ට සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.