Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උරුගුවේ පිලට ඓතිහාසික ජයක්

උරුගුවේ පිලට ඓතිහාසික ජයක්

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු රග්බි ක්‍රීඩාවේ නව පිටුවක් පෙරළමින් උරුගුවේ ක්‍රීඩකයෝ අද (25) පෙරවරුවේ පැවැති ලෝක කුසලාන රග්බි තරගයේදී ෆිජි පිල ලකුණු 30-27 කින් පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ. මෙම තරගය ජපානයේ, කමාෂි රිකවරි මෙමෝරියල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙය උරුගුවේ රාජ්‍යය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වසර 16 කට පසුව ලැබූ පළමු ජය වන අතර මෙතෙක් ලබාගත් තෙවැනි ජය ද වේ. උරුගුවේ මීට පෙර 2003 වසරේ ජෝජියාව ද, 1999 වසරේ ස්පාඤ්ඤයද පරාජය කර තිබේ.
 
ලෝක කුසලාන තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ තරග වදින උරුගුවේ පිල සහභාගි වූ පළමු තරගය මෙය වන අතර එහිදී උරුගුවේ අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට අපොහොසත් වූ හෙයින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට දෙවරක්ම සුදුසුකම් ලබා ඇති ප්‍රබල කණ්ඩායමක් වන ෆීජි පිල මේ වන විට සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වීම කැපී පෙනේ. එසේ වුවද ෆීජි පිල එම තරග දෙකේදීම ප්‍රසාද ලකුණ බැගින් ලබාගැනීමට සමත් විය.

ෆීජි පිල ලැබූ මෙම පරාජය මෙවර තරගාවලියේ මෙතෙක් පැවැති තරග 10 යේදී වාර්තා වූ පෙරළිකාර සිද්ධිය බවට පත්ව තිබේ.  කෙසේ වෙතත ෆිජිහි උපත ලද ක්‍රීඩකයෝ 20 දෙනෙක් පමණ මෙවර ලෝක කුෂලාන තරගාවලියේදී වෙනත් රටවල කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරති.

තරගය ආරම්භයේදී ෆිජි ක්‍රීඩකයන් තරමක ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ද පළමු අර්ධයේ මැද භාගය වන විට උරුගුවේ ක්‍රීඩකයෝ පෙරමුණට පැමිණියහ. ජයග්‍රාහි උරුගුවේ පිල ගෝල 3 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු 30 රැස්කළේය. ෆීජි පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු ලැබීය.
ෆිජි පිල සම්පූර්ණ කළ උත්සාහ දිනුම් පහෙන් අවම වශයෙන් තුනක ගෝල ප්‍රවර්ථන සාර්ථක කළේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණි.
   
උරුගුවේ ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය ලකුණු 12 ක වාසියක් තබාගනිමින් ලකුණු 24-12 ක් ලෙස අවසන් කිරීමට සමත් වූහ.

ෆීජි හුකර් ක්‍රීඩක මෙසුලාමි ඩොලොකෝටෝ තරගයේ අටවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

තරගයේ 15 වැනි මිනිත්තුවේදී ස්ක්‍රම්හාෆ් ක්‍රීඩක සන්තියාගෝ අරාටා සම්පූර්ණ කළ උත්සාහක දිනුම ෆිලිප් බෙර්චෙසී ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් උරුගුවේ පිල ලකුණු 7-5 ක් ලෙස පළමු වරට පෙරමුණ ගත්තේය.

උරුගුවේ පිල පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු 25 යේදී ගෝල දෙකක් සහ දඩුවම් පහරක් සම්පූර්ණ කරමින් ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නංවාගනිද්දී ෆීජි පිලට ගෝලයක් පමණක් එකතු විය.
 
ෆීජි ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 20 තුළදී අක්‍රමණශීලි වුවද නැවතත් පාලනය ගිලිහුණි.
ෆීජි පිල වෙනුවෙන් 80 වැනි මිනිත්තුවේදී නිකොලා මටවාලු වම් පස කොඩි කණුව අසළින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් අවසන් ලකුණු තත්ත්වය 22-27 ක් බවට පත්විය.
 
උරුගුවේ පිලට 75 වැනි මිනිතත්ුවේදී ෆිලිප් බෙර්චෙසී සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු පුවරුව 30-22 ක් බවට පත්වීමෙන් ෆිජි පිල පසුපසට ගියේය. නිකෙලා මටුවාලු තවත් උත්සාහක දිනුමක් ලබාගත් නමුත් උරුගුවේ පිල ඒ වන විට අත්කරගෙන සිටි වාසිය පසුකර යාමට ෆිජි ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.

048


අදහස් (0)

උරුගුවේ පිලට ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.