Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් ශූරතාවට අතපොවන මානයේ

ඉෂාන් ශූරතාවට අතපොවන මානයේ

ශනුක අරවින්ද - 2016 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම පස්වැනි තරගාවලි ජයත් ලබාගනිමින් දෙවැනි වරටත් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ඉෂාන් දසනායක සමත් විය. 12 වැනි වරටත් පැවැති මෙම තරගාවලිය මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී ඉකුත්දා නිමාවට පත්විය.

විජය පුවත් පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ෂෙහාන් සී. අධිකාරි සහ ඉමල් මංචනායක නියෝජනය කළ හොණ්ඩා කණ්ඩායම සමත් විය.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ තරග දෙකම ජයගනිමින් ඉෂාන් දසනායක, පිට පිටම දෙවැනි වරටත් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවාට හිමිවන ශූරතාව තමන් සතුකර ගත්තේය.

ඉෂාන් මේ වසරේදී (2016) පිට පිටම දිනාගත් 5 වැනි දක්ෂතම යතුරුපැදිකරුවා සම්මානය මෙය වන අතර මින් පෙර ඔහු නරියාකන්ද සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස් සහ විජයබාහු මොටෝක්‍රොස් යන තරගාවලි වලදී දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්ව තිබේ.

පාදයේ ආබාධයක් හේතුවෙන් ‘සීගිරිය රැළික්‍රොස්’ තරගාවලියට සහභාගි නොවූ ෂෙහාන් සී. අධිකාරි, කෙටි කාලීන විවේකයකින් අනතුරුව මෙම තරගාවලියට සහභාගි වුවද, ඔහුට එහිදී දෙවැනි ස්ථාන දෙකකින් සෑහීමකට පත් වීමට සිදුවිය. තරග දෙකේදීම ආරම්භයේ සිට අවසානය දක්වා ඉෂාන් පසුපස හඹාගියද ඉෂාන් පසුකර යෑමට ඔහුට අවස්ථාවක් හිමි නොවීය.

එම තරග දෙකේ තෙවැනි ස්ථාන සඳහා සෙසු කී‍්‍රඩකයන් අතර ඉතා තියුණු තරගයක් පැවැති අතර පළමු තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප‍්‍රවීන කී‍්‍රඩක ගයාන් සඳරුවන්ද, දෙවැනි තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නැගී එන කී‍්‍රඩක බුද්ධික කසුන් සිල්වාද සමත් වූහ.  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගැනීමටද ඉෂාන් දසනායක සමත් වූ අතර සමීර පේ‍්‍රමරත්න සහ බුද්ධික සිල්වා පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ.

එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ තරග දෙකම ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූයේ උදික ශ්‍රීමාල් මලවිගේ, දේෂාන් සොලංකි සහ ආනන්ද වෙඩිසිංහ වැනි එම ඉසව්වේ ප‍්‍රබල තරගකරුවන් පසුපසට ඇද දමමිනි.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරග දෙකම ජයගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත්වෙද්දී එම තරග දෙකේ දෙවැනි ස්ථාන ශානුක සඳරුවන්ටද, තෙවැනි ස්ථාන නිහාල් විජේරත්නටද හිමිවිය.

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය ජයගත් ඞී. එම්. ඞී. කල්හාර, ඉන් නොනැවතී එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගයේ තෙවැනි ස්ථානයටද පත්වෙමින් කැපීපෙනෙන දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර සියැට් සමාගම එහි සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළේය.

තරග ප‍්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) යතුරුපැදි (අවුරුදු 13 න් පහළ)
1 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)
2 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
3 ස්ටීවන් ප‍්‍රනාන්දු (නවසාකි කේ. එක්ස්. 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි
1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ)
1 කවිදු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
2 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
3 ඞී. එම්. ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (අවුරුදු 10 න් පහළ)
1 වෙනුදු දෙව්නක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 අංජන වීරවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)
3 රෂ්මි කරුණාරත්න (යමහා පී. ඩබ්ලිව්. 50)

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි
1 නිහල් විජේරත්න (කේ. ටී. එම්. 125)
2 ප‍්‍රභාත් එදිරිසිංහ (කේ. ටී. එම්. 125)
3 දිනේෂ් අනුරුද්ධ (කවසාකි කේ. ඞී. එකස්. 125)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර්මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 උදික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 නිහල් විජේරත්න (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3 ගයාන් සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 නිහල් විජේරත්න (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 උදික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 බුද්ධික දිනේෂ් (යමහා වයි. ඉසෙඞ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 බුද්ධික කසුන් සිල්වා (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)

 

ෂෙහාන් සී. අධිකාරි

ගයාන් සඳරුවන්

බුද්ධික කසුන් සිල්වා

ඉවෝන් බී. ගුරුසිංහ

ඉමාල් මංචනායක

 

‘ගනර් සුපර් ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

ඉෂාන් ශූරතාවට අතපොවන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.