Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් අවදානම් සහගත ගමනක

ඉෂාන් අවදානම් සහගත ගමනක

ශනුක අරවින්ද - 2016 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇතිවීම හෝ නැතිවීම අතර දෝලනය වූ සටනකින් අනතුරුව 24 වැනි ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායක සමත් විය.

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව අදියර දෙකකින් සමන්විත විය. එහි පළමු අදියර ජයගැනීමට ජැක් ගුණවර්ධන සමත් වූ අතර දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ෂෙහාන් සී. අධිකාරි සමත් විය.

ගයාන් සඳරුවන් සමග කළ කරට කර තරගයකින් අනතුරුව පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත්වූ ඉෂාන් දසනායක, ඉතා ආක‍්‍රමණශීලි කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කරමින් දෙවැනි අදියර ජයගත්තේ නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි සම්මානය පළමු වරට තමන් සතුකර ගනිමිනි. 

පළමු අදියරේදී තෙවැනි ස්ථානයට පත්වීම නිසා තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට නම් දෙවැනි අදියර අනිවාර්යෙන්ම ජයගත යුතුබව දැන සිටි ඉෂාන් දසනායක, එම අදියර ආරම්භයේ සිටම තමාගේ ආරක්ෂාව ගැන පවා නොතකා නරඹන්නන්ගේ නලළත රැළිගැන්වෙන අයුරින් සිය යතුරුපැදිය පැදවීය.

වට 8 කින් සමන්විත වූ එම තරගයේ මුල් වට 4 පුරා පෙරමුණේ ගමන් කිරීමට ෂෙහාන් සී. අධිකාරි සමත් වූ අතර පණ එපා කියා ෂෙහාන් හඹාගිය ඉෂාන් දසනායක, පස්වැනි වටයේදී ඔහු පසුකර ඉදිරියට ඇදුනේ ප්‍රෙක්ෂකයන්ගේ ජය ඝෝෂා මැදිනි.

පස්වැනි වටයේදී ලබාගත් පෙරමුණ, තරගය අවසන් වන තෙක්ම රැකගැනීමට ඉෂාන් සමත් වූ අතර තමා සහ ෂෙහාන් සී. අධිකාරි අතර ඇති පරතරය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි කරගනිමින් ඔහු වේගයෙන් ඉදිරියට ඇදිණ. කෙසේ වුවත් අවසන් වට දෙකේදී ඔහුට යම් තරමක හෝ අභියෝගයක් දීමට ෂෙහාන් සී. අධිකාරි සහ තෙවැනි ස්ථානයේ ගමන් කළ ජැක් ගුණවර්ධන (පළමු අදියරේ ජයග‍්‍රාහක) අපොහොසත් වූහ.

දෙවැනි තරගයෙන් පසුව පළමු ස්ථාන තුනේම සිටි කී‍්‍රඩකයන්ගේ ප‍්‍රසාද ලකුණු සමාන වූ නමුත් තරග නීතිරීති අනුව දෙවැනි තරගයේ ඉදිරියෙන්ම සිටි කී‍්‍රඩකයාට දක්‍ෂතම යතුරුයතුරුපැදි කරුවාගේ සම්මානය හිමිවෙයි.

දිගු නිහැඩියාවකින් අනතුරුව මෙම තරගාවලියට සහභාගි වූ ගයාන් සඳරුවන්ට පළමු අදියරේ සිව්වැනි ස්ථානයෙන්ද, දෙවැනි අදියරේ පස්වැනි ස්ථානයෙන්ද සෑහීමකට පත්වීමට සිදුවිය. නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ශූරතාව වැඩිම වාර ගණනක් දිනාගෙන ඇති කී‍්‍රඩකයා ගයාන් සඳරුවන් වන අතර ඔහු හව වතාවක් (2004, 2006 සිට 2010 දක්වා සහ 2012) එම ශූරතාවට හිමිකම් කියා තිබේ.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ ජයද ඉෂාන් දසනායක සතු වූ අතර මිතුන් ජයසංක සිගේරා එහි දෙවැනි ස්ථානයටත්, ළහිරු ජීවන්ත තෙවැනි ස්ථානයටත් පත්විය.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි තරග දෙකම ජය ගනිමින් (ඉෂාන් දසනායක හැරුණු කොට) මෙවර තරගාවලියේ යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කී එකම කී‍්‍රඩකයා බවට පත් වීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය. එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ශානුක සඳරුවන් සමත් වූ අතර තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ළහිරු ජීවන්ත සමත් විය.

අදියර දෙකික් සමන්විත වූ එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් ඉසව්වේ වැඩි ගෞරව දිනාගැනීමට යොවුන් කී‍්‍රඩක දේෂාන් සොලංකි සමත් විය. පළමු අදියරේදී දෙවැනියා ලෙස තරගය නිමා කළ දේෂාන් සොලංකි, දෙවැනි අදියර ජයගැනීමට සමත්වූයේ උදේෂ් වෙඩිසිංහ, උදික ශ්‍රීමාල් මලවිගේ, ආනන්ද සම්පත් වීරසිංහ සහ සචිර රාජකරුණා වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන් මෙන්ම පළමු අදියර ජයගත් ප‍්‍රවීන කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහවද පසුපසට ඇද දමමිනි.

ඉවෝන්ගේ සහ දේෂාන්ගේ එම දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා නියෝජනය කළ සියැට් කණ්ඩායම තරගාවලියේ දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තේය. තරිඳු මිහිරක මහතා සියැට් කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කළේය.

ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර එක්සයිඞ්, හොණ්ඩා, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ එලිෆන්ට් හවුස් යන ආයතනය එහි සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගි විය.

යතුරුපැදි තරග ප‍්‍රතිඵල 

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 13 න් පහළ)
1 ඞී. එම් ඞී. කල්හාර (කේ. ටී. එම්. 85)
2 එම්. අයි. අමේන්ද්‍ර (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 ස්ටීවන් ප‍්‍රනාන්දු (කේ. ටී. එම්. 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 16 න් පහළ)
1 හසිඳු ගුණසේකර (යමහා වයි. ඉසෙඞ්. 85)
2 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
3 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 පැතුම් රෂ්මික (යමහා පී. ඩබ්ලිව්. 50)
2 වෙනුදු දෙව්නක (යමහා පී. ඩබ්ලිව්. 50)
3 රෂ්මි කරුණාරත්න (යමහා පී. ඩබ්ලිව්. 50)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් පළමු යතුරුපැදි තරගය
1 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)
3 උදේෂ් වෙඩිසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 නිහල් විජේරත්න (කේ. ටී. එම්. 125)
2 ඊ. ඒ. එදිරිසිංහ (කේ. ටී. එම්. 125)
3 දෙනාෂ් අනුරුද්ධ (කේ. ටී. එම්. 125)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ජැක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් දෙවැනි යතුරුපැදි තරගය
1 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)
2 ආනන්ද සම්පත් (හොණ්ඩා සි. ආර්. එෆ්. 450)
3 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250) 

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ජැක් ගුණවර්ධන (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)


‘නරියාකන්ද සුපර්ක්‍රොස් ’ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ඉෂාන් අවදානම් සහගත ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.