Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට ලකුණු 95 ක ජයක්

ඉන්දියාවට ලකුණු 95 ක ජයක්

editorial - 2019 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව කාඩිෆ්හීදි අද (28 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයේදී ලකුණු 95 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 360 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශට ඕවර 49.3 කී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 264 ක් පමණි.

මුළු ලකුණු සංඛ්‍යාව 49 දී පිට පිට කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනයක් ඇති කිරීමට ජස්ප්‍රීට් බුම්රා සමත්වුවද තෙවැනි කඩුල්ල සඳහා පන්දු 129 කදී ලකුණු 120 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ගොඩනැගීමට ලිටන් දාස් සහ මුෂ්ෆීකූර් රහීම් සමත්වූහ.

යුස්වේන්ද්‍ර චහල්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවූ ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 90 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත්වූ අතර කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆීකූර් රහීම් ලකුණු 90 කට දැවී ගියේය. පන්දු 94 කට මුහුණදුන් මුෂ්ෆීකූර් රහීම්ගේ ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 කින් අලංකාර විය.

මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ලකුණු 216 කට බංග්ලාදේශ පිතිකරුවන් 8 දෙනෙකු දැවීයන විට 9 වැනි කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මොහොමඞ් සයිෆූඩීන් සහ මෙහෙදි හසන් සමත්වූහ. මොහොමඞ් සයිෆූඩීන් ලකුණු 18 ක් සහ මෙහෙදි හසන් ලකුණු 27 ක් රැස්කිරීමට සමත්වූහ.

කුල්දීප් යාදව් සහ යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3 බැගින්ද ජස්පීට් බුම්රා කඩුලු 2 ක් ද දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

ලෝකේෂ් රාහුල්ගේ (108) සහ මහේන්ද්‍ර සිං දෝනීගේ (113) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 359 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 102 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ ලෝකේෂ් රාහුල් සහ මහේන්ද්‍ර සිං දෝනී වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 128 කදී ලකුණු 164 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 350 න් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

පන්දු 99 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 108 ක් රැස්කිරීමට ලෝකේෂ් රාහුල් සමත්වූ අතර මහේන්ද්‍ර සිං දෝනි පන්දු 78 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 113 ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට සමත්විය. 

සබීර් රහ්මන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලෝකේෂ් රාහුල් ද සකීබ් අල් හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මහේන්ද්‍ර සිං දෝනිද දැවී ගියහ.

නායක විරාට් කෝලී පන්දු 46 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් රැස්කර සිටියදී මොහොමඞ් ශයිෆූඩීන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

තරග ආරම්භයේදී බංග්ලාදේශ පන්දු යවන්නන් හොදින් පන්දු යවමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වුවද ලෝකේෂ් රාහුල් සහ මහේන්ද්‍ර සිං දෝනී මෙල්ල කරගැනීමට ඔවුන් අපොහොසත් වූහ. බංග්ලාදේශ නායක මෂ්රෆී මොර්ටාසා පන්දු යවන්නන් 9 දෙනෙකු යොදාගත් අතර රුබෙල් හුසේන් සහ සකීබ් අල් හසන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

තරගය ආරම්භවී මිනිත්තු කිහිපයකින් වර්ෂාව ඇතිවීම නිසා තරගය නැවැත්වීමට සිදුවුවද යැවීමට නියමිත ඕවර සංඛ්‍යාවේ අඩුවීමක් සිදුනොවීය.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 359
(විරාට් කෝලී 47, ලෝකේෂ් රාහුල් 108, මහේන්ද්‍ර සිං දෝනී 113, හර්දික් පාණ්ඩ්‍යා 21, රුබෙල් හුසේන් 62/2, සකීබ් අල් හසන් 58/2)

බංග්ලාදේශය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 264
(ලිටන් දාස් 73, සෞම්‍ය සර්කාර් 25, මුෂ්ෆිකූර් රහීම් 90, මෙහෙදි හසන් 27, කුල්දීප් යාදව් 47/3, යුස්වේන්ද්‍ර චහල් 55/3, ජස්පීට් බුම්රා 25/2


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 95 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.