Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව - මාලදිවයින අවසන් තරගයට

ඉන්දියාව - මාලදිවයින අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාව සමග මාලදිවයින අද (12) සුදුසුකම් ලැබූහ.

බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක අදාළ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පාකිස්තානය ගෝල 3-1කින් පරාජය කරමින් ඉන්දියාව ද, නේපාලය ගෝල 3-0කින් පරාජය කරමින් මාලදිවයින ද අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලැබූහ.

දෙරට අතර පැවැත්වෙන අවසන් තරගය (15) වැනිදා පැවැත්වීමට නියමිතය.

තරග ඉතිහාසය අනුව මාලදිවයින අවස්ථා 5කදී සහ ඉන්දියාව අවස්ථා 11කදී සාෆ් පාපන්දු කුසලාන අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලබා ඇත.

මාලදිවයින වසර 8කට පසු සාෆ් පාපන්දු අවසන් තරගයක් නියෝජනය කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මාලදිවයින අවසන් වරට 2009 වසරේ දී අවසන් තරගයකට සහභාගි වී ඇත.

තරගාවලි ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනක් (7 වරක්) අදාළ තරගාවලි ශූරතාව දිනා ඇති ඉන්දියාව 2015 වසරේ අවසන් වරට පැවැති තරගාවලියේ දී ද ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත.


අදහස් (0)

ඉන්දියාව - මාලදිවයින අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.