Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉතාලියානුවෝ නැමීබියාව පරදවති

ඉතාලියානුවෝ නැමීබියාව පරදවති

editorial - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ මෙහෙයවීමෙන් ජපානයේදී පැවැත්වෙන නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ තරගයකදී ඉතාලි ක්‍රීඩකයෝ ලකුණු 47 - 22 කින් නැමීබියාව පරාජය කළහ. පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ඔකාසාහි හනෂෝනෝ රග්බි පිටියේදී අද (22) පෙරවරුවේ පැවැත්විණි.

මෙය නැමීබියාව ලැබූ 20 වැනි ලෝක කුසලාන රග්බි පරාජය වන අතර නැමීබියාව ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ මේ දක්වා සහභාගි වූ තරග 20 ම පරාජයට පත්ව තිබේ.

මෙය ඉතාලි කණ්ඩායම මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ සහභාගි වූ පළමු තරගය වන අතර එහිදී ඉතාලි පිල අතිරේක ප්‍රසාද ලකුණත් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු 5 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණියේය.

ජයග්‍රාහි ඉතාලි පිල ගෝල පහකින්, දඩුවම් ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළේය. නැමීබියානු පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

ප්‍රබල ඉතාලි ඉදිරි පෙළ ක්‍රීඩකයෝ පළමු අර්ධය තුළදී නැමීබියානු පිලට හොඳ අභියෝගයක් යොමු කරමින් නැමීබියානු ක්‍රීඩකයන් අතරින් ඉඩ ලබාගනිමින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. ඒ වන විට ආක්‍රමණකාරී ක්‍රීඩා විලාශයක නිතරතව සිටි ඉතාලි ප්‍රබල ස්ක්‍රම්හාෆ් ක්‍රීඩක ටිටෝ ටෙපල්ඩි ආබාධයකට ලක්වී ඉවත්වීමෙන් පසුව ඉතාලි පිලෙන් ආක්‍රමශීලි ක්‍රීඩා රටාව මදක් ඈත්විය.

ඉතාලිය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-7 ක් ලෙස ලකුණු 14 කින් පෙරමුණේ පසුවිය.
ඉන් අනතුරුව වින්ගර් ක්‍රීඩක එඩොයර්ටෝ පඩොවානි සහ අදේශක ක්‍රීඩක කර්ලෝ කැනා අක්‍රමණශීලි වෙමින් ඉතාලි පිල නැවතත් තරගයට කැඳවාගෙන ඒමට සමත් වූහ. එම අක්‍රමණයත් සමඟ ඉතාලි පිලට උත්සාහක දිනුම් හතක් වාර්තා කරමින් අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගැනීමේ අවස්ථාව උදාවිය.

මෙම තරගයේදී ඉතාලි පිලේ ප්‍රබලතම සාමාජිකයකු වන ප්‍රොප් ක්‍රීඩක ටිෂියානෝ පැස්කුවල් ආබාධයකට ලක්ව පළමු අර්ධයේදී පිටියෙන් ඉවත්වීම ඉතාලියට දැඩි පාඩුවක් බවට පත්විය.  

නැමීබියානු පිලේ ඬේමියන් ස්ටීවන්සන් තරගයේ හයවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර ක්ලිවින් ලොවුබ්සර් එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-0 ක් බවට පත්විය.

ඉතාලියට 11 වැනි මිනිත්තුවේදී දඩුවම් පහර ගෝලයක් එකතු වීමත් සමඟ ලකුණු පුවරුව 7-7 ක් ලෙස සම විය. අනතුරුව 26 වැනි මිනිතත්ුවේදී තොමාසෝ ඇලන් ද, 40 වැනි මිනිත්තුවේදී ටිටෝ ටිබල්ඩි ද, සම්පූර්ණ කළ උත්සාහක දිනුම් තොමාසෝ ඇලන් ගෝල බවට ප්‍රවර්ථන කිරීමෙන් ලකුණු තත්ත්වය 21-7 ක් බවට පත්විය.

ඉතාලියට දෙවැනි අර්ධයේදී එඩොයර්ටෝ පඩොවානි, කර්ලෝ කැනා සහ ජැක් පොලෙද්‍රි උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. කර්ලෝ කැනා ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කළේය.

නැමීබියා පිලට දෙවැනි අර්ධයේදී ජේ. සී. ග්‍රොයිලින් සහ චාද් ප්ලාටෝ උත්සාහක දිනුම බැගින් එකතු කළහ. ක්ලිවින් ලොවුබ්සර් දඩුවම් පහරක් සහ ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කළේය.

ඉතාලිය දෙවැනි තරගයේදී කැනඩාවට එරෙහිව හෙට (24) ද, නැමීබියාව දෙවැනි තරගයේදී  දකුණු අප්‍රිකාවට එරෙහිව ලබන සෙනසුරාදා (28) ද, තරග කිරීමට නියමිතය.

 

- 048


අදහස් (0)

ඉතාලියානුවෝ නැමීබියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.